Basic Trading - 2 (ගණුදෙනු කරමු)

මේ ලිපියත් එනකමි ගොඩක් දෙනෙක් බලන් හිටියා කියලා මම දන්නවා. හරි ඔන්න කොහෝම හරි අපි දැන් ටිකක් දුර ඇවිල්ලා නේද ? හැබැයි සමහර අයට නමි Trade කරනකමි ඉවසිල්ලක් නැති බව පේනවා මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලපුවම. නමුත් මමනමි කියන්නේ පොඩිඩක් හෙමිහිට යන්න කියලා. මොකද ඒක හොදයි හොද පුහුණුවකුත් ලැබෙනම හින්දා. හරි දැන් ඔයාට කලින් අපි ලිපියේදි කළ දෙය මතක ඇති. ඒ විදියට ඔයා Trade කිහිපයකුත් විවෘත කර ගන්න ඇති. දැන් කොහෝමද 

Trading එකක් Open කර ගන්නේ කියලා දන්නවනේ. මෙක තමයි Forex Trading කරන්න ඇවිල්ලා ඔයා MT4 එකෙන් කරන මුලිකම හා ප්‍රධානම දේ. මං කලිනුත් කියලා ඇති අපි Forex ගිණුමක් විවෘත කරගෙන , මෘදුකාංග Download කර ගෙන කරන්නේ ගණුදෙනු කරන එක. එකේ ප්‍රධානම දේ තමයි මේ Trading කියලා ඔයා කලින් ලිපියෙන් ඉගෙන ගත්තේ. මෙක ඉතින් ඉගෙන ගත්තම හරිම ලේසි. තව ටික දවසක් යනකොට ඔයා පට පට ගාලා Trading Open කරන්න හොද පුහුණුවක් ලබා ගනිවි. දැන් ඔය පසු ගිය ලිපියෙන් Trading එකක් විවෘත කර ගන්න අපහසු වනු අයට ඔන්න මම පහළින් විඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න පුලුවන් කොහෝමද Trading Open කර ගන්නේ කියලා. අපහසු වුන අයට ඒක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතුවා.  ඔය මේ විඩියෝ එකේ මම Trading එකක් විවෘත කර ගන්නා ආකාරය , හා ඒක Close කර ගන්නා ආකාරය තමයි පෙන්නලා තියෙන්නේ. මොකද ඒක තමා අපේ ප්‍රථම පුහුණු වීම. 
දැන් අපහසු වුන අය දැක්කා නේද කොහෝමද ගණුදෙනුවක් විවෘත කර ගන්නේ හා Close කර ගන්නේ කියලා. මෙ විඩියෝ එකේ තියෙන විදියට ඔයාලත් මුලික වශයෙන් Trading 10 ක් 15 ක් open කරලා Close කරාට කමක් නැ. මොකද මේ කරන්නේ අපි පුහුණු වීමක් නිසා. එහේම කරලා Trading එකක් විවෘත කර ගන්න විදිය Close කර ගන්න විදිය හොදින් පුහුණු වෙන්න. හොදයි දැන් අපි පොඩි පුහුණුවීමක් කළානේ. මෙ ගැන පොඩිඩක් කථා කරන්න ඔනි වෙලාව ඇවිල්ලා දැන්. දැන් ටිකක් ඉස්සරහට යමු අපි. 

Instant Order 

                                        ඔයා දැන් ඔය කලින් දාලා තිබුන විදියට විවෘත කර ගත්තේ Instant එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිල ගණනකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. වැඩක් නැ කියලා අයින් කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ වගේ Trade හැමවෙළෙම විවෘත Open කරන්නේ නැ. ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න් ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Instant Order පාවිචිචි කරන්න පුලුවන්. දැන් ඔයාලා බලනවා ඇති මෙහෙම එකක් මට හමිබුනේ නැනේ කියලා. ඇයි නැත්තේ හමිබ වුනා. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. අන්න එතන මුලින්ම තියෙන්නේ මේ Instant Order කියන එක තමයි. 

Pending Order

                            දැන් ඔය Instant Order කියන එකට පහළින්ම තියෙන්නේ මේක තමයි. දැන් ඔයා බලයි ඇයි මේ විදියට දෙකක් තියෙන්නේ කියලා. මම කලින් කිවිවා instant Order තියෙන්නේ ක්ෂණික අවස්ථාවල Open කරන්න. Pending Order ඊට වඩා වෙනස්. මෙ Order ක්‍රමයේදි අපිට අවස්ථාව ලැබෙනවා කලින් buy Or Sell කළ යුතු මිලක් තීරණය කරන්න. ඒ කියන්නේ මට ඔනි මෙන්න මේ මිලට ආවට පස්සේ buy Trade එකක් open වෙන්න. මෙන්න මේ මිලට ආවට පස්සේ Sell Trade එකක් Open වෙන්න කියලා කලින් තිරණය කරන්න. එහේම තිරණය කරලා අපි ගණුදෙනුවක් විවෘත කරලා තිබිබම ඒ අපි කලින් තිරණය කරපු මිලට වෙළද පොළ මිල ආපු ගමන් ස්වංක්‍රිවයම අපි Place කරලා තිබිබ Pending Order එක Open වෙනවා. උදාහරණයක් විදියට දැන් වෙළද පොළේ GBP/USD එකක මිල තියෙන්නේ 1.5900 ට කියලා හිතන්න. නමුත් ඔයාට ඔනි මේ මිලට Buy Order එකක් Open කරන්න නෙමේ. ඔයාට ඔනි වෙළදපොළ තව ටිකක් පහළට ආපුවම ඒ කියන්න්නේ 1.5870 ට වගේ ආපුවම buy කරන්න. එතකොට ඔයාට මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. මම පහළ දාලා තියෙන ඡායාරෑපය බලන්නකෝ. ඉස්සෙල්ලාම එකේ Account Type එක Pending Order කියලා Change කරලා (අංක 1) Type කියන එකේදි(අංක 2) ඔයා තෝර ගන්න ඔනි දාන Trade එක buy ද Sell කියලා. ඒකට ඔයාට buy Limit / Sell Limit කියන එකෙන් අදාල එක තෝරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාට දාන්න ඔනි buy Trade එකක් නමි Buy Limit කියන එකයි ඔයාට දාන්න ඔනි Sell Trade එකක් නමි Sell Limit කියන එකයි තෝර ගන්න පුලුවන්. ඔය දෙක මාරැ කරලා දාලා හරියන්නේ නැ හරිද ? ඒක හොදින් බලන්න. ඉතින් ඔයාට දාන්න ඔනි මොන Trade එකද කියලා තිරණය කරලා ඒ අවශ්‍ය මිල ලබා දෙන්න ඔනි(අංක 4). ඊට පස්සේ ඒ තිරණය කරපු අගයට අපිට පුලුවන් Order එක දාන්න. ඒ කියන්නේ Place කරන්න. ඒකට Place Order කියන එක කිලික් කලාම හරි (අංක 3) දැන් ඔයාට බලන්න පුලුවන් ආපහු අර Chart එක යටින් අපි මේ දාපු Pending Order එක වැටිලා තියෙන හැටි.(කලින් Instant Order එකේ විස්තර වැටිලා තිබිබ තැනම) හැබැයි ඒක තාම Active Trade එකක් නෙමේ. එහේම වෙන්නේ අපි තිරණය කරපු මිලට තාම වෙළද පොල ඇවිල්ලා නැති නිසයි. ඉතින් අපි තිරණය කරපු මිලට වෙළද පොල ආපුවම තමයි මේ pending Order එක Active වෙලා  අර අපි කලින් දාපු Instant Order එකක් විදියට වැඩ කරන්නේ. පහළ මම දාලා තියෙන ඡායාරැපයත් බලන්නකෝ

හොදයි දැන් ඔයාට Pending Order / Instant Order අතර වෙනස හා ඒවා Open කර ගන්න විදිය පිළිබදව අවබෝධයක් ආවනේ. ඔය Demo ගිණුමි වලින් මේක ටිකක් පුහුණු වුනාට කමක් නැ. මොකද මෙක තමයි ගොඩක් වැදගත් දේ. ඔයාලා Forex Trading පිළිබදව මොනවා ඉගෙන ගත්තත් අවසානයේදි සිදු කරන්නේ මේ Trading කරන එ නිසා මේ සමිබන්ධව හොද අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත්. හැබැයි මෙතනිදි තවත් දෙයක් අපිි අවධානයට ගන්න ඔනි පෙන්ඩින් ඔඩර් දානකොට. මොකද එහේම නැතිවුනොත් අපේ Order එක Invalid කියලා වැටෙන්න පුලුවන් නිසා. අන්න ඒ අවධානයට ගන්න ඔනි කාරණය තමයි මම පහළින් විස්තර කරලා තියෙන්නේ. ඒකත් හොදින් අවබෝධයට අරන් තියා ගන්න. 

Stop and Limit Order අතර වෙනස

දැන් මෙි Pending Order භාවිතා කරන්න යන අවස්ථාවන් වලදි අපිට හමිබෙනවා මෙි Stop and Limit order කියන කථාව. ඇත්තටම මොකක්ද මෙි 
Stop and Limit order කියන්නේ. මෙක තියෙනවා BUY STOP/LIMIT, Sell STOP/LIMIT ආදි වශයෙන්. පහතින් මම මෙ දෙකේ වෙනස පිළිබදව සරල උදාහරණයක් එකක් දාලා තියෙනවා. ඒක බලන්න. මං අර  උඩින් කිවිවා වගේ මෙක හරියට තෙරැමි නොගත්තෝ අපි දාන සමහර Pending Order වලට අදාල ගනුදෙනු Invalid කියලා වැටෙන්න පුලුවන් හින්දා. 

BUY LIMIT
- සාමාණයෙන් BUY LIMIT order අපි භාවිතා කරන්නේ යමි කිසි අවස්ථාවක අපිට buy order එක්ක දාන්න ඔනි වුනාම දැනට තියෙන වෙළද පොළ මිලට වඩා පහළින් Pending Oder එක දාන්න ඔනි වුනාම තමයි. ඒ කියනනේ වෙළද පොළ මිලට වඩා පහළ අගයක 
BUY ORDER දාන්න ඔනි වුනාම තමයි මෙි BUY LIMIT කියන එක අපි භාවිතා කරන්නේ. 

උදා - දැන් EUR/USD  වෙළද පොළ මිල තියෙන්නේ 1.1230 කියලා හිතමු. දැන් අපිට ඔනි මෙි මිලට වඩා පහළ අගයකට BUY ORDER දාන්න. අන්න මෙි අවස්ථාවෙදි අපි භාවිතා කරන්නේ මෙන්න මෙි BUY LIMIT කියන එක. දැන් අපි BUY LIMITඑක්ක දාන්න ඔනිනමි Pending Order එකේ at Price එක විදියට අපි දාන්න ඔනි 1.1230 කියන අගයට වඩා පහළින් තියෙන අගයකට. 

(Order Type - BUY LIMIT =current Market price - 1.1230 නමි අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1215. Take profit - 1.1240, Stop Loss - 1.1200 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  BUY LIMIT කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 


BUY STOP
- මෙි කියන්නේ buy limit කියන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට දැන් ඔනිනං වෙළද පොලේ මිලට වඩා ඉහළ අගයකදි Buy Order එක්ක දාන්න, අන්න ඒ අවස්තාවෙදි අපි භාවිතා කරන්න ඔනි මෙි buy stop කියන එක. තවත් පැහැදිලි කරනවනං දැන් EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා ඉහල අගයකට ගියාම Buy Order එක්ක දාන්න අන්න ඒ වෙලාවට අපි භාවිතා කරන්නේ මෙන්න මෙි buy stop කියන එක. 

(Order Type - BUY STOP = current Market price - 1.1230 නමි අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1245. Take profit - 1.1260, Stop Loss - 1.1220 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  BUY Stop කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 


SELL LIMIT - මෙි කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැනට තියෙන මිලට වඩා ඉහළ අවස්ථාවකට ආවම Sell Order එක්ක දාන්න. අන්න ඒ වගේ අවස්ථාවන් වලදි Sell Order දාන්න තමයි අපි මෙි Sell Limit කියන එක භාවිතා කරන්නේ. තවත් පැහැදිලි කරනවනං දැන් EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා ඉහල අගයකට ගියාම Sell Order දාන්න අපි භාවිතා කරන්න ඔනි Sell Limit කියන එක. 

(Order Type - SELL LIMIT = current Market price - 1.1230 නමි අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1245. Take profit - 1.1220, Stop Loss - 1.1265 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  SELL LIMIT කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 

SELL STOP - මෙි කියන්නේ SELL LIMIT කතාවෙි අනිත් පැත්ත. ඒ කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැන්  තියෙන මිලට වඩා පහළ අවස්ථාවකදි Sell Pending Order එක්ක දාන්න. අන්න ඒ අවස්ථාවෙදි තමයි අපි මෙි SELL STOP කියන එක භාවිතා කරන්නේ. උදාහරණයක් විදියට EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා පහල අගයකට ගියාම Sell Order දාන්න අපි භාවිතා කරන්න ඔනි Sell stop කියන එක. 

(Order Type - SELL STOP = current Market price - 1.1230 නමි අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1220. Take profit - 1.1200, Stop Loss - 1.1240 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  SELL STOP කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid.


දැන් ඔයාලට මෙි  STOP/LIMIT Order අතර වෙනස හොදින් පැහැදිලි විය යුතුමයි. මොකද මෙක මම හොදින්ම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයාට කරන්නේ තියෙන්නේ මෙි කථාව ඇත්තද කියලා ඔයාගේ ඩිමෝ ගිණුමෙන් ගණුදෙනු විවෘත කරලා බලන්න. මොකද හොදින්ම දන්නවනේ ඩිමෝ දීලා තියෙන්නේ මෙවා පුරැදු පුහුණු වෙන්න තමයි.  


Take Profit සැකසීම

දැන් ඔයාට අවශ්‍යනමි මේ Pending Order එකටම Take Profit කියන එකත් සකසන්න පුලුවන්. මෙකෙන් වෙන්නේ අපි කලින් තිරණය කරලා pending Order එකට යොමු කරන මිලට Trade එක විවෘත වුනාට පස්සේ ලාභය ලැබෙන මිලත් කලින්ම තිරණය කරලා තියන එකයි. මේක හරිම ලේසි. උදාහරණයක් විදියට ඔයාට Pending Buy Order එකක් Open කරන්න අවශ්‍යි වෙළදපොල 1.5850 ආවට පස්සේ. දැන් වෙළද පොළ තියෙන්නේ 1.5900 නමි ඔයා දන්නවා මේ ගණුදෙනුව විවෘත වෙන්නේ 1.5850 ට අවාට පස්සේ විතරයි කියලා. ඉතින් අපිට දැන් අවශ්‍ය Buy Order එකක නිසා ඔයාට 1.5850 ට ගණුදෙනුව විවෘත වුන ගමන් ලාභයත් ලැබිය යුතු අගයත් තිරණය කරලාම තියන්න පුලුවන්. ඒ කියන්නේ buy Order වලදි ලාභ ලැබෙන්නේ ගත් මිලට වඩා වෙළද පොළ ඉහළ ගියොත් කියලා දැන් ඔයා දන්නවන්නේ. එහේනමි 1.5850 නමි ගත් මිල ලාභය ලැබෙන්න නමි මෙ මිලට වඩා වෙළද පොළ ඉහළ යන්න ඔනි. ඉතින් ඒ ඉහළ අගයත් තමයි මේ Take profit කියලා අපි හදන්නේ. ඉතින් ඔයාට Take profit අගය විදියට 1.5850 ට වැඩි අගයක් දාන්න පුලුවන්. 1.5870 ක් විතර. ඒ කියන්නේ 20 ක විතර පරතරයක් ඇතිව. ඔය 20 ට කියන්නේ Forex වලදි pips කියලා. මං ඒ ගැන ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් පැහැදිලි නේද ? එතකොට buy Trade වලිදි Take Profit එක ගත් මිලට වඩා ඉහළ අගයක් Sell Trade වලදි Take Profit ගත් මිලට වඩා පහළ අගයක්. තේරැණානේ. මෙකේ වාසිය අපිට හැමවෙලේම අන්තර්ජාලයේ ඉන්න බැරිනමි මේ වගේ ගනුදෙනු සකසලා තියලා ගියාම ඒක ස්වංක්‍රියවම වැඩ කරන නිසා ප්‍රශ්ණයක් නැ. 

Stop Loss සැකසීම

මෙකත් හරිම ලේසි. මෙකෙන් වෙන්නේ අපි යමි කිසි ගනුදෙනුවක් විවෘත කරාට පස්සේ අනවශ්‍ය විදියට වෙළද පොල ආලාභ පැත්තට යනවනමි භාවිතා කරන්න පුලුවන් අගයක්. වෙළද පොළ අනවශ්‍ය විදියට ආලාභ පැත්තට යනවනමි ඒක අපිට පාඩුවක් නේ. ඒ එන පාඩුව විශාල ප්‍රමාණයකට යන්නේ නැතිව සුලු අවස්ථාවකින් ඉවර කර ගන්න තමයි මේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ. එහේම අපි Stop Loss අගය තිරණය කරලා තිබිබම ස්වංක්‍රීයවම මේ අනවශ්‍ය විදියට ලැබෙන පාඩු නැතිවෙලා යනවා. මේක සකසන්න පුලුවන් ඉහතින් මම දාලා තියෙන take Profit සකසන විදියටම. ඒ කියන්නේ ඔයා විවෘත කරලා තියෙන්නේ Buy Trade එකක්නමි Stop Loss වෙන්නේ එකට වඩා පහළ අගයක්. ඔයා විවෘත කරලා තියෙන්නේ Sell Trade එකක් නමි Stop Loss අගය වෙන්නේ ඒකට වඩා ඉහළ අගයක්. හැබැයි මේ අගය දාද්දි ඔය විවෘත කරපු මිලත් එක්ක තියෙන පරතරය ටිකක වැඩි වෙන්න ඔනි. ඒ කියන්නේ Pips 40 ක 50 ක වත් වෙනසක් තියෙන්න ඔනි. 

Take Profit සහ Stop Loss ගණුදෙනුවකට යොදන ආකාරය

දැන් අපි මේ උඩින් කථා කරපු Stop Loss , take Profit  ගණුදෙනුවක අනිවාර්යෙන් භාවිතා කරනවනමි වඩාත් හොදයි. මොකද එකේ වාසිය තමයි අපි යොදන ගනුදෙනු වැරදි පැත්තට ගියත් ලොකු අලභයක් වෙන්න තියෙන ඉඩ නැති වෙන හින්දා. ඒ වගේම ලාභ පැත්තට ගියත් අපි Take Profit සකසලා තිබුනතෝ අපි දීලා තියෙන ගානේදි අපි දැන් දාලා තියෙන ගනුදෙනුව ස්වංක්‍රීයව ලාභ වෙලා අපිට ඒ මුදල එන නිසා. සමහර වෙලාවට Take Profit නොදා තිබුනහොත් අපි දාලා තියෙන ගණුදෙනු ලාභ පැත්තටත් ගිහින් ආපසු ආලාභ පැත්තට යන්න පුලුවන් හින්දා. 

මෙක හදන්න හරිම ලෙසි. Pending Order වලිදිනමි ගණුදෙනු දාන්න කලින්ම අපිට මෙ Stop Loss , take Profit ප්‍රමාණයන් හදලා දාන්න පුලුවන්. Instant Order වලිදිනමි ගණුදෙනුව දාලා ඉවර වෙලා තමා මෙවා හදන්න වෙන්නේ. පහතින් දාලා තියෙන විදියට ඔබත් Stop Loss , take Profit හදන්න පුරැදු වෙන්න. මොකද මෙක අපේ ගිණුමෙි අවධානම තවත් අඩු කරන්න හේතුවක්. හැබැයි හොදින් මතක තියා ගන්න. අපි ගණුදෙනුව දාන Price එකත් එකක් ළගින්ම යන price rate එකක් Stop Loss වලට දෙන්න එපා. මොකද එහේම වුනොත් වෙළද පොළ සුළු දුරක් අලාභ පැත්තට ගියත් ගනුදෙනුව නැති වෙලා යන හින්දා. සාමාණයෙන් පිප්ස් 30 කට හෝ 40 කට වැඩියෙන් Stop Loss දානවනමි තමා හොද. එහේම වුනත් ඒක තමන් හොදට කල්පනා කරලා බලලා හරියන ගාණක් දාන්න හිතේ තියා ගන්න. 


Pending Order වලදි Stop Loss , take Profit සකසන අයුරැ. 

Stop Loss , take Profit Pending Order වලදි හදන්න ඔය මම උඩින් දාලා තියෙන රෑපේ කලුපාටට රවුමි කරලා තියෙන ස්ථානවල ඒ ඒ අදලා Price දාන්න. හරිම ලේසි. ඩිමෝ එකවුන්ටි වලිදි මේක පුරදු වුනාම. 


Instant order වලදි Stop Loss , take Profit හදන ආකාරය. 


මෙකෙදි  ආකාර දෙකකට කරන්න පුලුවන්. ඒ කියන්නේ අපිට ගණුදෙනුම මේ දැන් ක්ෂණිකවම දා ගන්න ඔනි වුනොත් Stop Loss , take Profit හදන්න වෙන්නේ පස්සේ. එහේම නැතිව හදිසියක් නැත්තං එවෙලෙම මෙ උඩින් දාලා තියෙන වින්ඩෝ එකේ තියෙන තැන්ම එඩිටි කරලා Type කියන එක මාරැ කරාම හරි. දැන් ඔයා බැරිවෙලාවත් මේ හදිසි ගනුදෙනුවක් විදියට Stop Loss , take Profit නැතිව ක්ෂණිකවම දැමිමනමි, Stop Loss , take Profit අනිවාර්යෙන් හදලා තියෙන්න මතක තබා ගන්න. ඒ පහත රෑපයේ දාලා තියෙන විදියට. 
දැන් Stop Loss , take Profit නැතිව ක්ෂණිකව ගණුදෙනුවක් දැමිමට පස්සේ ඒ ගණුදෙනුව අපේ ගණුදෙනු පෙන්වන වින්ඩෝ එක හෙවත් MT4 එක යටින්ම තිබෙන Terminal එකේ තමයි ඔය උඩින් දාලා තියෙන විදියට පෙනනේ. ඔයාලට පෙන්වා ඇති මම දාලා තියෙන්නේ ඉහත ආකාරයෙන් Stop Loss , take Profit නැතිව ක්ෂණික ගනුදෙනුවක් හින්දා මෙි ගණුදෙනු විස්තරයේ Stop Loss , take Profit කිසිදු Price rate එකක් නැතිව පෙන්වනවා. දැන් අපි මෙික එඩිටි කරලා අපිට අවශ්‍ය ගැලපෙන Stop Loss , take Profit එක දා ගන්න ඔනි. ඒකට ඔය මම කළු පාටින් රවුමි කරලා තියෙන මුදල් වර්ග දෙකෙන් ඔනෑම එකක් ඩබල් කිලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් විවෘත වෙයි. ඊට පස්සේ එකේ තමන්ට අවශ්‍ය , සරිලන Stop Loss , take Profit Rate දැමිමම ඊට යටින් කහපාටින් වගේ පෙන්වන Modify කියන දිග Button එක කිලික් කරන්නයි තියෙන්නේ. අපි දාපු ගණන් අර ක්ෂණික ගණුදෙනුවට ඇඩි වෙනවා. එචිචරයි. දැන් මෙික ඔයාලා පුහුණු ගිණුමි වලන් හොදට පුහුණු වෙන්න ටිකක් හොද හුරැවක් ගන්න.  
PIPS යනු කුමක්ද ?

            මම ඔයාට උඩින් සදහනක් කළා මේ Pips කියන එක ගැන. නමුත් මම පැහැදිලි කලේ් නැනේ ඒ මොකක්ද කියලා. ඔන්න දැන් මම ඒක කියන්න යන්නේ. දැන් ඔයා හොදින් බලන්න Forex Market එකේ මිල ගනන් වෙනස් වන ආකාරය. ඒ කියන්නේ GBP/USD කියන මුදල් කාණ්ඩය ගත්තොත් උදාහරණයක් විදියට 1.5810 , 1.5820 , 1.5830 ආදි විදියටනේ මිල වෙනස් වෙන්නේ. දැන් මේ විදියට වෙළද පොලේ මිල වෙනස් වුනානමි වෙනසක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ කියන්නේ ඔය අන්තිම අගයන් වලින් 10 න් 10 ට වෙනස් වෙළා තියෙනවා පේනවා නේද ? ඔක 10 න් 10 ට නෙමේ යන්නේ 1 න් 1 ට. මම උදාහරණයක් ගත්තේ පැහැදිලි කරන්න. ඉතින් ඔය අන්තිම අගයන් වල සිට සමිපුර්න අගයේම වෙනස් වන ප්‍රමාණයේ වල එකතුවට තමයි Pips කියලා කියන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ Forex Market එකේ  GBP/USD වල මිල සදහන් වන ආකාරය. 
සරල උදාහරණයක්,

01. Market Price 1.5810 - 1.5820 ඉහළ ගියානම මෙහි වෙනස Pips 10
02. Market Price 1.5800 - 1.5801 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 01
03. Market Price 1.5800 - 1.5798 පහළ ගියානමි මෙහි වෙනස Pips 02
04. Market Price 1.5800 - 1.5900 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 100
05. Market Price 1.5800 - 1.5600 පහළ ගියානමි මෙහි වෙනස Pips 200

        දැන් තේරැණා නේද? වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් ඒ වෙනසට තමයි මේ Pips කියලා කියන්නේ. එතකොට මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා මේ සමිපුර්ණ අගය ඇතුතේ ඒ කියන්නේ 1.5800 කියන අගය ඇතුගේ සමිපුර්ණ Pips කීයක් තියෙනවද කියලා. පුලුවන්නමි පිළිතුරක් දෙන්න බලන්න. ඔක ඇතුතේ සමිපුර්ණ Pips 15800 ක් තියෙනවා. දශම තිත අයින් කරලා බලන්න අගය හරිද කියලා. හරි නේද ?

හොදයි අදට මෙතනින් ඉවරයි. ඊලග ලිපියේන් අපි තවත් වැදගත් මාතෘකාවක් කථා කරනවා. ප්‍රශ්ණ තියෙන අය අහන්න. දැන් ඔයා මම පහළ දාලා තියෙන ප්‍රශ්ණ වලට පිළිතුරැ හොයගන්න පුලුවන්ද කියලා බලන්න.

01. නව ගණුදෙනුවක් විවෘත කරගන්න පුලුවන්ද ?
02. විවෘත කර ගත් ගණුදෙනුව ක්ෂණිකව Close කර ගන්න පුලුවන්ද ?
03. Pending Order එකක් විවෘත කර ගන්න පුලුවන්ද ?
04. Take Profit , Stop Loss ගණුදෙනුවකට ඇතුලත් කරන්න පුලුවන්ද ?
05. Pips කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද ?

      මේ වලට පිළිතුරැ දෙන්න අපහසු අය නැවත නැවත අධ්‍යනය කිරීම වැදගත් කියලා මතක තියා ගන්න. මොකද ඔයා මේ අතගහන්න යන්නේ ඔය Addclik , Data Entry , E-money වගේ කාලේ නාස්ති කරන වැඩකට නෙමේ. මුලු ලොකේම පිළිගත්ත වැදගත් මුදල් ඉපයිමේ ක්‍රමයකට. හොදට සල්ලි හොයන්න ඔනි නමි අධ්‍යනය වැදගත්.  

ඇයි මම දැන් ඔයාලට කිවිවේ උඩින් අහලා තියෙන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්ද ? බැරිනමි කලින් ලිපිය කියවලා ආපහු ඉගනෙ ගන්න කියලා. මේ ටික තමා අපි පුහුණු ගිණුමි කරත් , සත්‍ය ගිණුමි කරත් මුලිකම දේ. මේ ටික බැරිව මොකවත් කරන්න බැ. මහලොකු දෙයක් කරන්න නැනේ. මෘදුකාංගයේන් කරන්න තියෙන්නේ බොහෝම පොඩි දෙයයයි. ඒ ටික හරියට අවබෝධයට ගන්න. මොකද මෙක අවබෝධයට ගන්නවා කියලා නොරෙතන්න තරමිි දේකුත් නෙවෙයි. උදාහරණයක් විදියට ගනුදෙනුවක් විවෘත කර ගන්නා ආකාරය මම කලින් ලිපියෙන් දාලා තියෙනවනමි පැහැදිලිව ඒක වෙන්නේ ඒ විදියටම තමා. ඊට වඩා වෙනසක් නැ. ඒක නිසා මෙකේ ආමාරැ වෙන්න කිසිම දෙයක් නැ. ඔවි ඉතින් තෙරෙන්නේ නැතිව යයි මෙවා උඩින් පල්ලෙන් කියවනවනමි. ඒක නිසා කලින් ලිපි වගේම මේ ලිපි ඔක්කෝම හොදට නැවත නැවත කියවන්න පුරැදු වෙන්න. 
HTML Comment Box is loading comments...