ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස

හොදයි මෙතින්න එහාට මම කියලා දෙන්නේ කොාහෝමද අපි අපේ ගිණුමි අලාභයකට නොයවා ඉතා පහසුවෙන් හා සුක්ෂම ලෙස ලාභයට හරවා ගන්නේ කියලා. ඉතින් මතක ඇතිනේ මම කලින් ලිපියෙන් සරල ක්‍රමවේදයක් හදුන්වලා දුන්න ආකාරය. මං හිතනවා ඔයා ඒක ටිකක් පුහුණු කරන්න ඇති කියලා. කමක් නැ මොකද තාම ඔයා පුහුණු වෙන්නේ Demo Account වලින්නේ. එක නිසා අවුලක් නැ. හැබැයි මෙතනින් එහාට යන ලිපි ඔය Demo Account වලින් භාවිතා කරලා වැඩක් නැ ඇත්තටම.

ඒක එක අතතින් ඔයාලට වටහා ගන්න අපහසුයි. අනෙක් පැත්තේන් මට පැහැදිලි කරන්න අපහසුයි. ඒක නිසා කලින් ලිපි වලින් හොද පුහුණුවක් ඔයාට ලැබුනනේ. එත් තාම Real account වලට යන්න උත්සහර කරන්න එපා. මොකද තව දේවල් ගොඩක් තියෙනවා දැන ගන්න. ඒ දේවල් ගැන හරි හැටි දැනුමක් නොමැති සත්‍ය ගිණුමි වල වැඩ කරන්න යන එක හරි අවදානමි. ඔය තැන් තැන් වල ගිහිල්ලා අරක මේක ඉගෙන ගෙන ඇවිල්ලා හිතු මානාපෙනට කවුරැ හරි ගනුදෙනු කරනවනං දැන්මම එක නවත්තලා කියලා තියෙන විදියට යන්න පාඩු නැතිව ලාභ ගන්න ඔනිනං. මම පෙන්වලා දෙන විදියට පුහුණු වෙන්න.  එතකොට ඔයාටම තමයි පහසු. හරි අපි ලිපියට යමුකෝ. දැන් ඔය කලින් ලිපි වල අපහැදිලි තැන තියෙනවනමි කරැණා කරලා මගේ Skype වලට ඇවිල්ලා පැහිදිලි කර ගන්න ඔනි. එහේම නැතිව නොදැන යන්න එපා. මොකද මම කැමති නැ මේ වෙබ් අඩවිය භාවිතා කරන කිසිම කෙනෙක් Lost වෙනවට. හරිද ? 

අවදානම බැහැර කර ගන්නා ආකාරය. 

මේ අවදානමි කලාපය ගැන පැහැදිලි කර ගැනිමෙදි දැන් ඔයා හිතන්න ඔනි අපි භාවිතා කරන්නේ වෙළද පොලේ ඉන්නේ පහත විස්තර වලට අනුව කියලා. හැබැයි මෙි මාතෘකාව රියල් ගිණුමි වලට සමිබන්ධ වුනාට ඔයාට තාම රියල් ගණුදෙනු කරන්න තහනමි හොදේ. 

Account Leverage - 200:1 
Main Invest  - $ 100
Buy Price - 1.5900
Volume - 0.01

        මම ඔයාලට කලින් ලිපියේ කියලා දුන්නා Mountain System කියලා ක්‍රමයක්. ඒක ඔය කවුරැත් හොයා ගත්ත එකක් නෙමෙයි. මමම තමයි අත්දැකිමෙන් ඔවා කියන්නේ. ඔයාලට දැන් පෙන්න ඇතිනේ ඒකත් සාර්ථකයි කියලා. හරි දැන් අපි මේ ලිපියෙන් කථා කරන්නේ කොහෝමද අපේ ගිණුමේ අපි දාලා තියෙන Invest එකට අනුව අවදානම නැති කරලා දාන්නේ කියලා. මෙක හරිම පහසු දෙයක්. ඒ වගේම Real Trading කරන කෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් නිසා ඔයා අනිවාර්යෙන්ම මේ ගැන හොද අවධානයක් යොමු කරන්න ඔනි. හරි අපි මුලින්ම මේ ගැන කථාකරන්න කලින් මතක කරන්න ඔනි දෙයක් තියෙනවා. ඒක තමයි අපි Demo Account භාවිතා කරලා Trading කරන කොට අපිට ලැබුනු අවම Volume  එක තමයි 0.1. මතකයි නේද ඒක. ඔය අමතක අය නැවත Demo Account එකේ  Trading Window එක විවෘත කර ගත්තනමි මේක බලාගන්න පුලුවන්. නමුත් අපි Real Account වලට ගියාට පස්සේ මේ Volume එක තවත් අඩුවෙනවා. ඒ කියන්නේ 0.01. මේක ඉතාම පොඩි ගාණක් නිසා ඇත්තටම පොඩි ආයෝජන වලින් ගණුදෙනු කරන අයට ගොාඩක් වාසි. මේ 0.01 කියන්නේ අපිට Trading එකක් දානකොට වැටෙන ප්‍රමාණය කියලා මං කියලා දුන්නා මතක ඇතිනේ. අමතක අය  http://www.lakforex.com/bt3.html  ගිහිල්ලා නැවත ඒ ලිපිය කියවන්න අමතකනමි. හරි දැන් මේ 0.01 කියන්නේ අපි යමි කිසි ගණුදෙනුවක් විවෘත කරනකොට අපේ ප්‍රධාන Invest එකෙන් Market එකට වැටෙන ප්‍රමාණය. ඒ කියන්නේ අර ලක්ෂ 10 ක් කොටස් වෙළද පොලට දාලා එකෙන් ලක්ෂ  1 ක විතරක් කොටස් ගන්නවා වගේ වැඩක්. එතකොට තව ලක්ෂ 9 ක් අපිට ඉතුරැයි කියලා ඔයාලා දන්නවනේ. අන්න ඒ වගේ තමයි. ඒ වගේම තමයි අපිට දැන් බලන්න පුලුවන් අපි Forex Market එකේදි දාන්නේ Volume එක අවම 0.01 නමි අපි දාලා තියෙන Invest එකට අනුව කොචිචර ප්‍රමාණයක් වෙළද පොළට USD වලින් වැටෙනවද බලන්න. මතක තියාගන්න මේ වෙළද පෙළට ආවට පස්සේ අපේ භාවිතා කරන්නේ ඒ කියන්නේ Deposit Withdraw කරන්න භාවිතා කරන්නේ USD. රැපියල් භාවිතා වෙන්නේ මෙහෙන් සල්ලි පළමු පාර හරි නැවත වතාවක් Invest කරනකොට පමණයි.  හරි එහේනමි අපි බලමු අර කොටස් වෙළද පොළට වැටෙන ලක්ෂ 01 වගේ 0.01 භාවිතා කලොත් මුල්‍ය වෙළද පොළට කියක් වැටෙනවද කියලා. ඒක බලන්න පුලුවන් අපිට පහත ආකාරයෙන්. 

අපි හිතමු දැන් GBP/USD කියන Currency Pair එක වෙළදපොලේ තියෙන්නේ 1.5900 ට කියලා. 
USD Lot 1 =  100,000 (මතකයිනේ කලින් ලිපිය. Lot පිළිබදව මම එතන දාලා ඇති) 
100,000 x 1.5900  = $ 159,000 ක් අවශ්‍ය වෙනවා මේ Lot 1 ක් ගන්න. (මෙ Leverage නොකළ විට.) 

දැන් අපි මේ ගිණුමි විවෘත කරලා තියෙන්නේ Leverage 200:1 කියන එකෙන්නේ. එකතොට
එකතොට ඔයාට Lot එකකට ගෙවන්න වෙන හරිම ගාන වෙන්නේ , 
$ 159,000 බෙදීම 200 (200 ට 1 නිසා)  = $ 795 (අපේ ගිණුමි වලින් මේ Lot 1 ක් ගන්න දැන් $ 795 ක් ඇත්තටම අවශ්‍ය වෙනවා. නමුත් අපි ගන්නේ Lot වලිනුත් 0.01 ක්. ඒ කියන්නේ , )
0.1(Demo Account) ක් ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය $ 795 බෙදීම 10 = $ 79.5 ක්. 
(10 න් බෙදන්නේ ලොටි 1 කකට 0.1 ඒවා 10 ක් තියෙන හින්දා)
0.01(Real Account) ක් ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය $ 79.5 බෙදීම 10 = $ 7.95 ආසන්න වශයෙන් ඇත්තටම අපිට වැය වෙනවා. 

ඔයාට අවශ්‍ය නමි $ 795 කෙලින්ම 100 න් බෙදලා 0.01 ට අවශ්‍ය වෙන USD ප්‍රමාණය හොයන්නත් පුලුවන්. 
       ඒ අනුව අපිට දැන් දැන ගන්න පුලුවන් අපි 0.01 න් Trade එකක් Open කලොත් මේ ගණුදෙනුව විවෘථ වෙන්න අපි යොදවලා තියෙන මුදලෙන් කීයක් වැටෙනවද කියලා. 
 
       හරි දැන් ඔයාට පැහැදිලිනේ මේ 0.01 ට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය අපි හොයා ගත්තේ කොහෝමද කියන එක. ඔය මේ ගාණ වටහා ගන්න කලින් ලිපියේ Lot කියන එක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇති ඇයි අපි මේ ගාණක් හැදුවේ මේ වෙළාවේ කියලා. ඔවි අපි මේ හැදුවේ අපේ අවදානමි කාලාපය දැන් ගන්න අවශ්‍ය වෙන අත්‍යාවශය දෙයක් නිසයි. හේතුව ලිපිය අවසානයට ඔයාට පැහැදිලිවම වැටහේවි. දැන් මේ ගාණ පොඩිඩක් ඔහෝම තියලා අපිට යන්න වෙනවා ආපහු Pips කියන එක පැහැදිලි කර ගන්න. මොකද මේ අවදානමි කලාපය දැන ගැනීමෙදි මේ පිප්ස් කියන එකත් අපිට ගොඩක් වැදගත් නිසා. 

        හරි දැන් ඔයා දන්නවනනේ Pips කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැතිනමි මම කලින් දාපු ලිපිය කියවන්න තව අවබෝධයක් එන්නත් එක්ක. http://www.lakforex.com/bt2.html  මේ ලිපියේ අවසානයට මම Pips කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා තියෙනවා. හරි දැන් ඔය අපි යොදවපු මුදල තියෙනවනේ. ඒ කියන්නේ $ 100(මීට වඩා යොදවන අය වැඩි කරලා හාදා ගන්න). ඉතින් අපි මුලින්ම හොයා ගන්න ඔනි අපි මේ යොදවන මුදලේ ඇතුලත කොචිචර Pips ප්‍රමාණයක් අපිට තියෙනවද කියලා. දැන් ඔයාලා බලයි ඇයි මේ Invest කරපු මුදලේ Pips හොයන්නේ කියලා. ඒ මේක ගොඩක් වැදගත් නිසා. මොකද අපේ අවදානමි කලාපය අපිට හොයා ගන්න මේ Pips කියන එක අතිශයින් වැදගත්. හේතුව අපි මේ ගණුදෙනු කරන Forex Market එකේ මිල ඉහළ පහළ යැමි පෙන්වන්නේ Pips වලින් නිසයි. 

       ඉතින් අපි මේ එක Pips එකකට තියෙන $ ප්‍රමාණය හොයාගත්තනමි අපිට අපේ Invest එකේ තියෙන සමිපුර්ණ Pips ප්‍රමාණය ඉතා පහුසුවෙන් හොයාගන්න පුලුවන්. දැන් අපි එකකට තියෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්නේ කොහෝමද ? මේක ඔයාලට අමාරැයි වගේ පෙනුනට හරිම ලේසි. ටිකක් කල්පනා කරලා බල්නනකෝ ලේසි නැද්ද කියලා. 

     සාමාන්‍යෙයන් ඔයා දැන් Trading දාලා ඇතිනේ Demo account එකෙන් හරි. අපි මේ 0.01 කියන Lot Size එක භාවිතා කරලා Trading එකක් open කලොත් ඒ දාන ගිණුමේන් අපිට එක Pips එකකට $ 0.1 ලාභයක් හෝ අලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි GBP/USD , 0.01 Lot Size එකෙන් මිල 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. දැන් මේක Market එකට වැටිලා තියෙන Trading එකක්නමි ඔයාට පේනවා ඇති Software එකෙන් ලාභය හෝ අලාභය පෙන්වන ආකාරය. ඒ කියන්නේ වෙළද පොළ 1.5900 ඉදලා 1.5930 දක්වා ඉහළ ගියානමි ඔයා Pips 30 ක් ලාභ ඇරගෙන තියෙනවා. ඇයි අපි ගණුදෙනුව විවෘත කරලා තියෙන්නේ 1.5900  දිනේ. ඒ දාලා තියෙන්නේ Buy Order එකක් නිසා මිල ඉහළ ගියාම තමයි ලාභ ලැබෙන්නේ. ඉතින් අපි භාවිතා කරලා තියෙන්නේ 0.01 නමි මම කලින් කිවවනේ එක pips එකකට $ 0.1 ලාභයක් හෝ පහළ ගියානමි අලාභයක් ලැබෙනවා කියලා. ඉතින් දැන් ඔයා මේ ගනුදෙනුවෙන් Pips 30 ක ලාභයක් ඇරගෙන තියෙනවා.එහේනමි ඔයා ඇරගෙන තියෙන සමිපුර්ණ ලාභය $ වලින් කීයක්ද කියලා කියන්න පුලුවන්ද ? හරිම ලේසි. ඔයා දැන් හරියටම $ 3 ක ලාභයක් ඇරගෙන තියෙනවා අර පිප්ස් 30 ක ගනුදෙනුවෙන්. ඒ කියන්නේ

$ 0.1(එක පිප්ස් එකකට ලැබෙන ලාභය හෝ අලාභය) x Pips 30 = $ 3

         මේක මේ විදියටම තමයි වෙන්නේ.  ඔයාටත් බලන්න ඔනිනමි 0.01 Lot Size එකෙන් ගණුදෙනුවක් දාලා බලන්න ඇත්තටම එක Pips 1 ට $ 0.1 නෙමේද ලාභ හෝ අලාභ එන්නේ කියලා. එතකොට ඔයාටම බලාගන්න පුලුවන් මේක වෙන්නේ මේ විදියටමයි නේද කියලා. හරි දැන් මේක හොයා ගන්න පුලුවන්නේ. ඒ වගේම තමයි ඔයා මේ දාපු ගණුදෙනුවන් ආපස්සට ගිහිල්ලා Pips 30 ක් ආලාභයක් ඇවිල්ලානමි එත් ඔයාට $ 3 ක් පාඩුයි. පැහැදිලිනේ. හරි දැන් අපි මේ ඔක්කෝම හොයාගෙන අපි යන්නේ අපි දාලා තියෙන මුදලට අපිට ගණුදෙනු කරන්න පුලුවන් කලාපය (Trading Area ) එක දැන ගන්න. දැන් අපි බලමු මොකක්ද මේ ගනුදෙනු කලාපය කියන්නේ කියලා. 


ගණුදෙනු කලාපය (Trading Area) 

          ඇත්තටම මේ කියන්නේ අපි යොදවන Invest එකට සාපෙක්ෂව අපිට ගණුදනු කරන්න පුලුවන් කලාපය. මේ කලාපය ඇතුලේ අපට බය නැතිව ගනුදෙනු කරන්න පුලුවන්. ඉතින් ඔය අලුතෙන් යන අය අනිවාර්යෙනම් මේ පිළිබදව දැනගෙන ඉන්න එක බොහෝම වැදගත්. එතකොට කිසිදු ලොස් එකක් නැතිව බොහෝම පහසුවෙන් අපිට ගණුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. හොදයි දැන් අපි උඩ පැහැදිලි කිරීම වලදි 0.01 Lot Size එකට වෙළද පොළට වැටෙන USD ප්‍රමාණයත් , එක පිප්ස් එකකට අපිට ලැබෙන ලාභය හෝ අලාභය USD වලිනුත් හොයා ගත්තා. මෙතනදි අපිට මේ දෙකම ඉතා වැදගත් වෙනවා. අපි බලමු එහේනමි අපේ Trading Area එක මොකක්ද කියලා. දැන් ඔයා මුලින් යොදවලා තියෙන්නේ $ 100 ක් නමි අපි බලමු අර එක පිප්ස් එකකට ලැබෙන ඩොලර් අගය භාවිතා කරලා මේ දාලා තියෙන මුලු මුදලේම ඇතුලේ අපිට කීයක් Pips Area එකක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ අපේ කලාපය. ඔය පිප්ස් කියන්නේ ඉහළ පහළ යන වෙනස හදුනා ගන්නා ඒකකනේ. මේ පිප්ස් වලින් තමයි ඒ ක පෙන්වන්නේ. එතකොට අපි දැන් මේ මුලු මුදල ඇතුලේ Pips ප්‍රමාණය හොයා ගමු. 


0.01 ලොටි සයිස් එකෙන් එක පිප්ස් එකකට අපිට $ 0.1 ලැබෙනවනමි $ 100 ක් වෙන්න අපට Pips කියක් ඔනි කරනවද ? ඒ කියන්නේ අර පිප්ස් 30 කට $ 3 ක් වගේ තමයි $ 100 ට කියක්ද කියන එක. 


$ 100 බෙදීම $ 0.1  = 1000 (මේ 1000 කියන්නේ අපේ මුලු මුදල ඇතුලේ අපිට ලැබෙන Pips ප්‍රමාණය)


    ඔන්න දැන් අපිට අපේ Trading Area එක පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. දැන් ඔයාට පැහැදිලිනේ අපි යොදවලා තියෙන $ 100 ඇතුලේ අපට ගණුදෙනු කරන්න පුලුවන් Pips 1000 ක් තියනවා කියලා. දැන් මෙකේ වටිනාකම අපිට පහත පරිදි බලාගන්න පුලුවන්. 

    අපි හිතමු ඔයා 1.5900 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඔයාට මේ ගණුදෙනු ඇතුලේ Pips 1000  කලාපයක් තියෙනවා ගණුදෙනුව ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ මුලික ආයෝජනය $ 100 යි නමි අපි දාලා තියෙන Buy එකෙන් පහළට ආසාමාන්‍ය විදියට වෙළද පොළ පහළ ගියොත් ඔයාගේ ගණුදෙනුව රැදිලා තියෙන්නේ මේ Pips 1000 ඉවර වෙනකමි විතරයි. මොකද අපි දැන් දන්නවා Buy Order එකක් Lost වෙන්නේ ගත්ත ගානට වඩා වෙළද පොළ පහළ ආවොත් කියලනේ. ඉතින් ඔයාට දැන් 1.4900 වෙනකමි අවස්ථාව තියෙනවා වෙළද පොලේ රැදි ඉන්න මේ මුලික ආයෝජනය අනුව. ඒ කියන්නේ ඔයාට තියෙන පිප්ස් 1000 ක කලාපයෙනුත් වෙළද පෙළ පහලට ගිහිල්ලා ඔයාගේ ගිණුම සමිපුර්ණයෙනම් Lost වෙළා යන්න වෙළද පොළ 1.4900 දක්වා පහළ බහින්න ඔනි. එහේම ආවෙ නැත්නමි ඔයාගේ ගිණුම Lost වෙන්නේ නැ කවදාවත්. හැබැයි ලාභ පැත්තට මෙ කලාපය අදාල නැ. මොකද ලාභ ලැබෙන්න ලැබෙන්න ගිණුමට එකතු වෙන හින්දා ගිණුම තවත් වර්ධනය වෙනවා ඇරෙන්න Lost වෙන්නේ නැනේ. ඉතින් මේ හේතුව නිසා අපි කිසිම අවස්ථාවක $ 100 ක් නමි ගිණුමට දාලා තියෙන්නේ ගණුදනෙු දෙක තුන එක පාර දාන්න යන්න හොද නැ. මොකද එහේම දාන අය තමයි ඉක්මනට ගිණුම නැති කර ගන්නේ. ඇයි එහේම වෙන්නේ ඔයාට මේ Pips 1000 අවදානමි කලාපයක් ලැබෙන්නේ දාන එක Trading එකකට විතරයි. දෙකක් දැමිමොත් Pips 1000 , 500 වෙනවා. ඒ කියන්නේ තවත් කලාපය අඩුවෙලා අවදානම වැඩි වෙනවා කියන එක. ඔයා ගණුදෙනු දෙකක් දාලා තියෙනවනමි දැන් ඔයාට ලැබෙන්නේ Pips 500 ක කලාපයක් විතරක් නිසා අර 1.5900 ට දාලා තියෙන ගණුදෙනු ආපස්සට ඇවිල්ලා 1.5400 දි Lost වෙළා යනවා. දැන් ඔයාට පේනවා නේද ඇයි ඔය ගොඩක් අය ටික දිනකින්ම මේ ගිණුිමි නැති කර ගන්නේ කියලා. මෙන්න මේකට තමයි තියන්නේ අපේ ගිණුමේ අවදනාමි කලාපය කියලා. මේ අනිවාර්යෙන්ම ඔයා දැන ගෙන ඉන්න ඔනි දෙයක් .


       ඒ වගේම තමයි තව සමහරැ Forex වලින් ලාභ ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින් දාන්නේ $ 50 යි. ඉතින් මේ ප්‍රමාණය ඉතා පොඩි ආයෝජනයක් නිසා අවදනාමි කලාපය අඩුයි. ඒ ක නිසා ගිණුම අවදානමි වැඩි. මොකද $ 50 ක ගිණුමකට ලැබෙන්නේ Pips 500 කලාපයක් විතරනේ. ඒ වගේම තමයි ටිකක් වැඩි පුරා ගිණුමට දාන්න දාන්න ඔයාගේ ගිණුමේ කලාපය වැඩි වෙලා අවදානම අඩුවෙනවා වගේම ගණුදෙනු දාන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. බලන්නකෝ මම පහත දාලා තියන කලාප ටික. මම ඔය දාලා තියෙන්නේ යොදවන මුලික මුදලට අනුව කලාප ලැබෙන ආකාරය. 


$ 50 ක් නමි  = 500 
$ 100 ක් නමි  = 1000
$ 200 ක් නමි  = 2000
$ 500 ක් නමි  = 5000
$ 1000 ක් නමි = 10,000 යි. 


      දැන් ඔයාට පේනවා නේද යොදවන මුලික මුදල වැඩි වෙන්න වැඩි වෙන්න අවදානම අඩුවෙනවා කියලා. ඒකයි මම කියන්නේ යොදවන්න පුලුවන්නමි පුලුවන් උපරිමයටම දාන්න කියලා. මොකද වැඩි ආයෝජනයකට ලැබෙන අවදනාම ගොාඩක් අඩු නිසා. ඒ වගේ ගන්න පුලුවන් ලාභයත් ගොඩක් වැඩි නිසා. මම මෙහේම කිවිවට තියෙන හැමදේම විකුණලා මෙිකට සල්ලි එහේම දානවා නෙවෙයි. ඒක පිස්සු වැඩක්. තමන්ට පුලුවන් උපරිම ගාණ ගැනයි මන් මෙි කියන්නේ. 

මේ ගැන ප්‍රශ්ණ තිබෙනවනමි අහන්න පුලුවන්. 
HTML Comment Box is loading comments...