මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය

(දැන් මම හදන්නේ ටිකක් වැඩේට එන හැටි කියලා දෙන්න. කලබල වෙන්න අවශ්‍ය නැ. මෙ ටිකත් ඔහෝමම කියවගේන යන්න. මොකද සමහරැ අහනවනේ දැන් මේවා ඉගෙන ගෙන මොකක්ද කරන්න යන්නේ කියලා. මම මේ ලිපියෙන් ඒකට පිළිතුරක් දෙනවා. Ok. දැන් කලින් ලිපියේ තිබිබ ඒවා මතකද ?. මතකනමි හොදයි. එහේනමි පහත ලිපියත් කියවලම බලන්නකෝ) 

පෙර ලිපිවලදි මා විසින් මුල්‍ය වෙළද පොල යනු කුමක්දැයි හා එහි භාවිතා වන මුදල් වර්ග පිළිබදව හදුන්වා දුන්නෙමු. මේ වන විට ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලැබි ඇතුවාට සැක නැත. මෙම
ලිපියෙන් මා ඔබට මුල්‍ය වෙළද පොලේ මුදල් හුවමාරැව තුලින් ලාභ ලැබෙන ආකාරය සරල පැහැදිලිව පෙන්වා දෙන්නට උත්සහ කරන අතර මෙය කියවා නිසි දැනුමක් ලබා ගන්න.  දැන් ඔබට Forex Market හි ක්‍රීයාවලියත් භාවිතා වන මුදල් වර්ගත් මතකයේ ඇත. කලින් ලිපි වලින් අප ඉගෙන ගත් USD/LKR උදාහරණය මෙන් දැන් Forex Market හි භාවිතා වන මුදල් වර්ග තුලින් ලාභ ලබන ආකාරය , එය කෙසේ සිදුවන්නේද යන්න මෙම ලිපියෙන් අවධානය යොමු කර ඇත. 

Forex Market හි භාවිතා වන්නේ විදේශිය මුදල් වර්ගය. එනමි අප පෙර ලිපියෙන් සදහන් කල Major Currency හා Minor Currency ය. මෙම මුදල් වර්ග තුලින් වුවද වැඩිම බලපෑමක් Forex Market හි සිදුකරන්නේ Euro හා USD වන අතර මෙවා එකිනෙකට හුවමාරැ කිරීම තුලින් අපට පහසුවෙන්ම මුදල් ඉපයිමේ හැකියාව තිබේ.(ගණු සහ දෙනු වගේ. මුලින් අරගෙන පස්සේ විකුණලා දානවා. එකයි ඔය උඩින් කිවිවේ හොදේ.) Forex Market හි මෙම මුදල් වර්ගයන් සමිබන්ධ වි තිබෙන්නේ EURO/USD ලෙසය. එනමි Euro Vs Usd ලෙසය(දැන් මෙතන කරන්නේ එකිනෙකට හුවමාරැවක් නිසා දෙකක් තියෙන්න ඔනි. ඔය කථාවක් තියෙන්නේ ඉගුරැ දීලා මරිස් ගත්තා කියලා. එතකොටත් එතන ඉගුරැ සහ මිරිස් කියන වර්ග දෙක තියනවා වගේ තමයි මෙතනත්. ) පහත රැපයෙන් විවධ වු මුදල් වර්ග Forex Market හිදි අපට හමුවන ආකාරය දක්වා තිබේ.
ඉහත රැපයේ විවිධ වු මුදල් වර්ග ඇති බව ඔබට දැන් පෙනෙනු ඇත.(හැම එකක්ම තිබිබට මම කලින් කිවිවා වගේ හැම එකක්ම Trade එකට ගන්නේ නැ හරිද ? අපිට හුරැ එකක් තමයි ගන්නේ. ) මා ඉහතින් දක්වා ඇත්තේ Forex Market හි ගණුදෙනු කිරිම සදහා අප විසින් යොදා ගන්නා වු මෘදුකාගයේ ඇතුලත් මුදල් වර්ග දක්වන ස්ථානයේ ඡායාරැපයකි. (දැන් ඔය Trade කරන්න භාවිතා කරන මෘදුකාංගය හදලා තියෙන්නේ ලංකාවට විතරක් නෙමෙනේ. එකයි ඔක්කෝම ටික එකේම තියෙන්නේ. තේරැනාද ?) මෙම මෘදුකාංගය පිළිබදව ඉදිරියේදි ලිපි පළ කරේ. මෙහිදි මුදල් වර්ගය (EUR/USD) එයට ඉදිරියෙන් Bid හා Ask ද පවතින බව ඔබට පෙනෙනු ඇත. සත්‍ය වශයෙන්ම මෙම Bid හා Ask යන්න Sell , Buy වශයෙන්ද හදුන්වා දිය හැකිය. මෙහිදි එක් මුදල් වර්ගයක එනමි Pair එකක මුදල් වර්ග දෙකක් පවතින බැවින් අපට Forex Market හි අදාල මුදල් වර්ගයේ ඉහළ යෑම මතත් , පහළ යෑම මතත් ලාභ ලැබීමේ හැකියාව පවති. එයට හේතුව මුදල් වර්ග දෙකක හුවාමාරැවක් නිසාත් ය. (ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහේම. දැන් ඔය EUR/USD Market එක ඉහළ යනවා කියලා. එතකොට ඔයාලට පුලුවන් Buy ගණුදෙනුවක් Open කරලා ගන්න. EUR/USD market එක පහළ යනවනමි ඔයාට පුලුවන් Sell ගණුදෙනුවක් Open කරලා දාන්න. ඒ ඒ අවස්ථාවල අපි දාන ගණුදෙනුව අනුව අපිට හොද ලාභයක් මෙකෙන් ගන්න පුලුවන්. ඒක නිසා මේ Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි මේ දෙපැත්තටම ලාභ ගන්න පුලුවන් වන එක. මේක ඉතින් ඔය මහලොකුවට ඔලුවට දා ගන්න එපා. ඔයා අපේ Software එකෙන් ගණුදෙනු කර ගෙන යන කොට මේක ඉබේම ඔලුවට වැටෙයි. කොටින්ම කියනවනමි හරිම සරලයි) සාමාන්‍ය වශයෙන් කොටස් වෙළද පොලේදි අපට මෙලෙසින් දෙපැත්තටම ලාභ ගත නොහැකිය. එයට ප්‍රධාන හේතුව කොටස් වෙළද පොලේදි අපට ගණුදෙනු කළ හැකි වන්නේ එක් අවස්ථාවක එක් සමාගමක කොටස් සමග පමණක් නිසාය. එබැවින් එහිදි අපට ලාභ ලැබිය හැකි වන්නේ මිල පහළ අවස්ථාවේදි මිලදි ගෙන මිල ඉහළ ගිය පසු විකිණිමෙනි. (මේ කිවිවේ ඔය සාමාන්‍යෙයන් කඩයක් එහේම නැත්නමි මොනවා හරි ව්‍යාපරයක වෙන දෙයක්. අපිට ඉතින් කඩයක් කරනවනමි ලාභයක් ලබන්න අඩු මිලට ඇරගෙන වැඩි මිලට විකුණන්න වෙනවනේ. එතනදි අඩුමිලට ගන්නේ එක් වර්ගයක් ඊට පස්සේ ඒකම වැඩි මිලට විකුණනවා. ) එනමි මිල පහල ඇති විට Buy කර මිල ඉහළ ගිය පසු Sell කිරිමෙනි. එසේ වුවද කොටස් වෙළද පොලෙදි එක් වරම අපට මිලදි ගත් කොටස් විකීණිම කළ නොහැකිය. එයට හේතුව අප විකුණන්නෙනමි එය මිලදි ගැනීම සදහාද කෙනෙකු සිටිය යුතු වීමයි. නමුත් මුල්‍ය වෙළද පොලේදි එසේ බලා සිටීම අවශ්‍ය නැත. Forex Market සමග ලොව අති විශාල ගනුදෙනු කරැවන් පිරිසක් සමිබන්ධව ඇති බැවින් මිලදි ගැනීම හා විකීනිම ක්ෂණිකව කළ හැකිය. මෙම විකිණිම හා පිළිබදව පහත තව දුරටත් විස්තර කර ඇත. ( Forex Market එකේ ලොකේ විශාල ප්‍රමාණයක් සමිබන්ධ වෙලා ඉන්න තැනක් නිසා අපි මොන වේලාවක හරි විකුණුවොත් එක ගන්න කවුරැ හරි ලොකේ කොහේ හරි ඉන්නවා කියන එකයි. ඒ කවුද කියලා ඉතින් අපිට පෙන්නේ නැ. මොකද ඒක වෙන්නේ ඔය තැරැවිකාර සමාගමි හරහානේ. )
ඉහත මා විසින් දක්වා ඇති ඡායාරෑපය අවධානයට ගන්න. එහි සදහන් එක් මුදල් කාණ්ඩයක් අප මිලදි ගැනීම හා විකිණිම පැහැදිලි කිරීම සදහා යොදා ගැනේ. 

මුදල් වර්ගය             Bid(Sell Price)        Ask (Buy Price)

EUR/USD                    1.2875                   1.2878

මිල ගණන් ඉහළ යන්නේනමි ලාභ ලැබෙන ආකාරය (Market Buy වන අවස්ථාව)

කිසියමි වු මුදල් වර්ගයකට අදාල මිල ගනන් ලෝක මුල්‍ය වෙළද පොලේදි තත්පරයෙන් තත්පරය වෙනස් වේ. එයට හේතුව මුල්‍ය වෙළද පොලේ ප්‍රධාන මුදල් වර්ග කෙරෙහි පවතින්නා වු අතිවිශාල ඉල්ලුමයි. මෙම මුදල සදහා කරන්නා වු ඉල්ලුම හා එම මුදල් වර්ග වල සැපයුම මත මිල ගණන් ඉහළ පහල යන්නේද තීරණය වනු ලැබේ. එබැවින් දැන් ඔබ ඉහත මුදල් වර්යේ මිල ගනන් ඉහළ යන්නේ යැයි සිතා පහත උදාහරණය බලන්න. 
කොටස් වෙළද පොලේදි ලාභ ලැබිය හැකිවන්නේ මිල ගනන් අඩු අවස්ථාවෙදි මිලදි ගෙන මිල ගණන් වැඩි වු විට විකුණා ලාභ ගැනිමයි. forex Market හි මිල ගනන් ඉහළ යැමේ ප්‍රවනථාවයක් ඇත්නමි අප දැන් ඇති මිලට මුදල් මිලදි ගෙන තිබිය යුතුය. නැතිනමි මිල ගණන් ඉහළ ගිය පසු විකීණිම සදහා අප හට දෙයක් නොමැති වන බැවිනි. එසේනමි ඔබ කළ යුතු වන්නේ Buy හෙවත් මිලදි ගැනීමයි. එවටි ඔබට අදාල වන්නේ මෙහි ඇති Ask හෙවත් Buy Price ලෙස සදහන් වී ඇති මිලයි. මෙහි මිළ ගණන් දෙකක් ඇත්තේ මුදල් වර්ග දෙකක් එකිනෙකට හුවමාරැ වන නිසා බව ඔබ මතක තබා ගත යුතුය. 

ඉහත මිල ගනන් වලට අනුව ඔබ වෙළද පොලේ පවතින මිලට අනුව මිලදි ගන්නේ නමි ඔබට අදාල වන මිල වන්නේ 1.2878 වන මිල වේ. ඔබ මෙම මිලට යමි ප්‍රමාණයක් මිලදි ගත් පව සිතන්න. එසේනමි ඔබට ලාභ ලැබෙන්නේ කෙසේද? 

ඔබ මිලදි ගත්තේ 1.2878 නමි , ඔබට ලාභයක් ලැබීම සදහා වෙළද පොළ මිල මෙම මිලට වඩා ඉහළ යා යුතුය. එනමි දැනට පවතින Ask ( Buy Price) මිලට වඩා Bid (Sell Price) මිල ඉහළ යා යුතු වීමයි. තව දුරටත් පැහැදිලි කරන්නේනමි දැනට පවතින Bid (Sell Price ) 1.2875 මිල 1.2878 වඩා ඉහළ යා යුතුය. දැන් වෙළද පොල ඉහළ ගොස් forex Market හි EUR/USD පවතින්නේ පහත මිල ගණන් යටතේ යැයි උපකල්පනය කළහොත් 


මුදල් වර්ගය       Bid(Sell Price)           Ask (Buy Price) 

EUR/USD              1.2880                       1.2883

ඔබ මිලදි ගත්තේ 1.2878 බැවින් දැන් මිල 1.2880(Bid - Sell Price) වන අතර එය මිලදි ගත් මිලට වඩා ඒකක දෙකක් ඉහළ ගොස් ඇති බැවින් දැන් ඔබට ඒකක දෙකක ලාභයක් ලැබි ඇත. එනමි ,

1.2880 - 1.2878 = 2

මේ අවස්ථාවේ ඔබ ගත් මුදල් ප්‍රමාණය විකුණා දැමිමෙන් ඔබට මෙම ඒකක(මෙම ඒකක වලට Pips යැයි කියනු ලැබේ. ඒ පිළිබදව ඉදිරියෙදි පැහැදිලි කරේ.) දෙකක් ලාභය ලබා ගත හැකිය. 
(මෙතනදි සරලවම කියනවනමි කියන්න තියෙන්නේ ඔයා මොන අවස්ථාවක හරි Buy කරපු මිටල වඩා Price එක ඉහළ ගියොත් ලාභ ලැබෙනවා කියන එකයි. දැන් ඔයා 100 ට අරගෙන ඒක 150 ට ගියා නමි 100 ට වඩා ඉහළ ගිහිල්ලා නිසා 50 ක් ම ලාභයි වගේ තමයි. මෙතනදි වෙලා තියේන්නේ අපි ගත්ත මිලට වඩා එකේ මිල ඉහළ ගිහිල්ලා කියන එක)

මිල ගණන් පහළ යන්නේනමි ලාභ ලැබෙන ආකාරය (Market Sell වන අවස්ථාව)

forex Market හි මිල ගනන් පහළ යැමේ ප්‍රවනථාවයක් ඇත්නමි අප දැන් ඇති මිලට මුදල් මිලදි ගෙන තිබිය යුතුය. නැතිනමි මිල ගණන් පහළ ගිය පසු විකීණිම සදහා අප හට දෙයක් නොමැති වන බැවිනි. එසේනමි අප මෙහිදි ආදල වන ක්‍රියාවලිය වන්නේ Sell කිරිමයි. එවිට ඔබට අදාල වන්නේ මෙහි ඇති Bid හෙවත් Sell Price ලෙස සදහන් වී ඇති මිලයි. මෙහි මිළ ගණන් දෙකක් ඇත්තේ මුදල් වර්ග දෙකක් එකිනෙකට හුවමාරැ වන නිසා බව ඔබ මතක තබා ගත යුතුය. මෙසේ මුදල් වර්ග දෙකක් එකිනෙකට හුවමාරැ වන බැවින් වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් දෙපැත්තෙන්ම ලාභ ලැබිය හැකිය. 

ඉහත මිල ගනන් වලට අනුව ඔබ වෙළද පොලේ පවතින මිලට අනුව Sell කරන්නේ නමි ඔබට අදාල වන මිල වන්නේ 1.2875 වන මිල වේ. ඔබ මෙම මිලට යමි ප්‍රමාණයක් මිලදි ගත් බව සිතන්න. එසේනමි ඔබට ලාභ ලැබෙන්නේ කෙසේද? 

ඔබ මිලදි ගත්තේ 1.2875 නමි , ඔබට ලාභයක් ලැබීම සදහා වෙළද පොළ මිල මෙම මිලට වඩා පහළ යා යුතුය. එනමි දැනට පවතින BId ( Sell Price) මිලට වඩා Ask (Buy Price) මිල පහළ යා යුතු වීමයි. තව දුරටත් පැහැදිලි කරන්නේනමි දැනට පවතින Bid (Sell Price ) 1.2875 මිලට වඩා 1.2878 පවතින මිල පහළ යා යුතුය. දැන් වෙළද පොල මිල ගණන් පහළ ගොස් forex Market හි EUR/USD පවතින්නේ පහත මිල ගණන් යටතේ යැයි උපකල්පනය කළහොත්, 

මුදල් වර්ගය              Bid(Sell Price)              Ask (Buy Price)

EUR/USD                     1.2870                          1.2873 


ඔබ Sell කරනු ලැබුයේ 1.2875 බැවින් දැන් මිල 1.2873(Ask - Buy Price) වන අතර එය පළමු මිලට වඩා ඒකක දෙකක් පහළ ගොස් ඇති බැවින් දැන් ඔබට ඒකක දෙකක ලාභයක් ලැබි ඇත. එනමි ,

                             1.2875 - 1.2873 = 2

මේ අවස්ථාවේ ඔබ ගත් මුදල් ප්‍රමාණය විකුණා දැමිමෙන් ඔබට මෙම ඒකක දෙකක ලාභය ලබා ගත හැකිය. මුල්‍ය වෙළද පොල ඉහළ යන්නේනමි Market Buy ලෙසද පහළ යන්නේනමි Market Sell ලෙසද හදුන්වනු ලැබේ. ( මෙක අර Buy කථාවේ අනිත් පැත්ත වගේ තමයි. ඔයා යමි අවස්ථාවක Sell ගණුදෙනුවක් දාපු මිලට වඩා Market එක පහළ ආවොත් ලාභ ලැබෙනවා කියන එක. දැන් ඔයා හිතනවා ඇති ගණන් අඩු වුනාම ලාභ ලැබෙන්නේ කොහෝමද කියලා. ඒක වෙන්නේ මෙතන මුදල් වර්ග දෙකක් තියෙන නිසා. Market එක වැඩි වෙනකොට Buy කරන්නේ EUR Market අඩුවෙනකොට Buy කරන්නේ USD. ඉතින් මේ මුදල් වර්ග දෙකේ මුලින්ම තියෙන්නේ EURO නිසා තමයි ඔය අඩුවෙනාකොට කරන්නේ Sell කියලා කියන්නේ. දැන් තේරැනා නේද ? )

මිල ඉහළ යන අවස්ථාව පිළීබදව තව දුරටත් පැහැදිලි කිරීම (Market Buy )

දැන් ඔයාලා දන්නවා මිල ඉහළ යන වෙන්නේ මොකක්ද කියලා. නමුත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් ඇති වෙන නිසා මම නැවත වරක් මෙක වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න තමයි හදන්නේ. හරිම ලේසි. හැබැයි මම අර ඉස්සෙල්ලා කිවිවා වගේ මේක මහ ලොකුවට හිතා ගන්න එපා. එතකොට තෙරෙන ටිකත් නොතෙරෙන්න ගන්නවා. හරි අපි බලමු මිල ගණන් ඉහළ යන කොට හෙවත් Market Buy වෙන කොට මොකද වෙන්නේ කියලා. පහත පින්තරය බලන්න.
සාමාන්‍යෙයන් මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු කරන කොට අපිට Buy or Sell කරනන් යන අවස්ථාවලදි හා අනෙක් අවස්ථාවලදි අපිට මුදල් වර්ග දෙකක් තමයි එකට හමිබ වෙන්නේ. ඒ කියන්නේ EUR/USD වගේ. දැන් මම මෙතන උදාහරණයටත් ඇරගෙන තියෙන්නේ මෙකම තමා. මෙතනදි ඇයි අපි වෙළ පොළ ඉහළ යන කොට Buy කරලා ලාභ ගන්න පුලුවන් කියන්නේ. හරි මෙතනදි මුදල් වර්ග දෙකක් තියෙන නිසා ඔය එකක් ඉහළ යන කොට අනික පහළ යනවා. අනික ඉහළ යන කොට මුල් එක පහළ යනවා. ඉතින් මිළ ගනන් ඉහළ යන අවස්ථාවේදි මුලින් තියෙන EUR ඉහළ ගිහිල්ලා USD පහළ යන නිසයි අපිට Buy කරලා ලාභ ගන්න පුලුවන් කියන්නේ. උඩ පින්තුරේ පේනවනේ. අන්න ඒ විදියට තමයි වෙන්නේ. හැබැයි මෙ Forex වෙළද පොලේදි අපිට මුලින්ම තියෙන මුදල් වර්ගයේ වෙනස විතරයි බලන්න පුලුවන්. ඒ කියන්නේ EUR වල විතරයි. දැන් පැහැදිලිනේ EUR ඉහළ යනකොට USD පහළ යනවා. මේ අවස්ථාවෙදි අපිට ලාභ ගන්න ඔනිනමි මොනවා හරි Buy කරන්න එපැයි. ඒක නිසා ඉහළ යන යුරෝ තමයි අපි මිලදි ගන්නේ(Buy). ඒක නිසා අපි මෙ ගණුදෙනු දාන ඒවට කියනවා BUY Trade කියලා. 


මිල ගනන් පහළ යන අවස්ථා හෙවත් වෙළද පොල Sell අවස්ථාව පිළිබදව තව දුරටත් (Sell Trade)


දැන් මෙන්න මෙතන තමයි ගොඩක් අයට ප්‍රශ්ණය එන්නේ. ඒ කියන්නේ ගොඩක් අය අහන දෙයක් තමයි වෙළද පොල ඉහළ යනකොට ලාභ ලබන්න පුලුවන් වුනාට කොහෝමද වෙළද පොල පහළ යනකොට ලාභ ගන්නේ කියලා. මෙක මෙහේ හිතෙන්නේ මෙක දිහා හරිම අමාරැවෙන් බලන අයට. මං උඩින් කිවිවා වගේ සැහැල්ලුවට හිතුවනමි හරිම ලේසි. හරි අපි බලමු මේක කොහෝමද වෙන්නේ කියලා. පහත පින්තුරය බලන්න.
දැන් බලන්න උඩින් පින්තුරයේ පේනවා වෙළද පොළ පහන යන විටදි මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ පහළ යනකොට EUR පහළ යනවා USD ඉහළ යනවා. මං කලින් කිවිවනේ මෙතනදි BUY or SELL කියලා අපි කියා ගන්නේ මුලින් තියෙන මුදල් වර්ගයට සිද්ධ වෙන දේ අනුව. දැන් මෙතනදි මුලින් තියෙන්නේ EUR හැබැයි ඒක වෙළද පොළ පහල යන නිසා පහළ යනවා. අන්න ඒක නිසා අපි කියනවා ඒකට Market Sell or Sell trade කියලා. දැන් බලමු මෙහේම පහළ යනකොට කොහෝමද ලාබ එන්නේ කියලා. මං මුලින් කිවිවනේ BUY or SELL මේ මොකෙන් ලාභ එන්නත් අපි මොනව හරි මිලදි අරගෙන තියෙන්න ඔනි. ඒ කියන්නේ BUY කරලා තියෙන්න ඔනි. හැබැයි වෙළද පොළ පහළ යනකොට අපිට EUR මිලදි ගන්න(Buy) කරන්න පුලුවන්ද ? බෑ..මොකද EURO දැන් පහළ යනවා. ඉතින් මෙ අවස්ථාවේ අපිට ලාභ ගන්නනමි මිලදි ගන්න තියෙන්නේ USD. ඒක මිලදි නොගෙන අපිට ලාභ ගන්න විදිහක් නැ. ඒ කියන්නේ වෙළද පොළ SELL වෙන අවස්ථාවෙදි අපි ලාභ ගන්න ඔනිනමි අපි කරන්න ඔනි USD Buy කරන එක. මෙක ඉතින් අපිට වෙනම USD buy කරන්න ඔනි නැ මෘදුකාංගයෙන් ගණුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ. ඒ මෘදුකාංගයේදි අපි අදාල මුදල් වර්ගයට අනුව වෙළද පොළ පහළ යන අවස්ථාවේදි Sell Trade එකක් දැමිමොත් ස්වංකියවම USD buy වෙනවා. ආයේ හොය හොය ඉන්න දෙයක් නැ. ඒහේ ඉතා පහසුවෙන් ගණුදෙනු කරන්න තමයි මෘදුකාංගය හදලා තියෙන්නේ. හරි දැන් මෙ පහළ යන අවස්ථාවේ USD buy කලාම වෙළද පොළ පහල යන්න යන්න USD තවත් ඉහළ යනවා. (උඩ පින්තුරය හොදින් බලන්න) . ඉතින් මුලින් අපි මිලදි ගත්ත ප්‍රමාණයට වඩා මිල ඉහළ ගිය ගමන් අපිට ලාභ ලැබෙන්න ගන්නවා. අර Buy අවස්ථාවෙදි වෙන දේම තමා මෙතනදිත් USD වලට වෙන්නේ. හැබැයි මෙහි විශේෂත්වය මේ ඔක්කෝම ගණුදෙනු ඒ කියන්නේ වෙළද පොල ඉහළ ගියත්, පහළ ගියත් මේ ඔක්කෝම පෙන්වන්නේ EUR වලට සාපෙක්ෂව. USD වල වෙනස් වීම උනත් පෙන්වන්නේ EUR වලට සාපෙක්ෂව. අන්න ඒ හේතුව නිසා තමයි වෙළද පොළ පහළ යන අවස්ථාවෙදි Sell කරලා ලාභ ගන්න පුලුවන් කියන්නේ. හැබැයි ඇත්තටම වෙන්නේ අපි USD buy කරන එක. නමුත් මුලින් තියෙන මුදල් වර්ගයට අනුව ඔක්කෝම ගණුදෙනු ප්‍රකාශ කරන නිසා තමයි මෙතන SELL trade දාලා ලාභ ගන්න පුලුවන් කියන්නේ. හරිම සරලයි.. දැන් පැහැදිලියි නේද හොදටම. තවත් නැතිනමි අහන්න පුලුවන්.
HTML Comment Box is loading comments...