මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verified කිරීම

හොදයි. මේ ලිපියෙන් මම කියලා දෙන්න හදන්නේ අපට Forex Trading වලදි හමුවන මෘදුකාංගය Download කර ගන්නා ආකාරය සහ හදා ගත්ත Forex ගිණුම Verified කර ගන්නා ආකාරය පිළිබදව. මේකනමි අමාරැ දෙයක් නෙමෙයි. හරිම ලේසි. දැන් මේ අපි භාගත කර ගන්න යන්නේ අපට අනිවාර්යෙන්ම අවශ්‍ය වන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය හරහා තමයි අපි මුල්‍ය වෙළද පොළට සමිබන්ධ වෙලා කටයුතු කරන්නේ. හරියට අපේ කොටස් වෙළද පොළ Online Trading පහසුකම ලබා ගත්තානමි ලැබෙන ගණුදෙනු ක්‍රියාදාමයම තමයි මෙකෙනුත් සිද්ද වෙන්නේ. නමුත් ඉතින් මුල්‍ය වෙළද පොලේ
විදියට තමයි Forex Trading වළදි අපි භාවිතා කර මෘදුකාංගය වැඩ කරන්නේ. එ වගේම තමයි මේ මෘදුාකංගයෙන් වැඩ කරන්න හරිම ලේසි. හැබැයි හරියට ඉගෙන ගන්න ඔනි. අපට අපගේ ගණුදෙනු යෙදීම සදහා අවශ්‍ය ගොඩක් පහසුකමි මෙ මෘදුකාංගයේ අන්තර් ගත කරලා තියෙන නිසා ඔයාලටත් ටික දවසක් යනකොට තෙරෙවි මෙකේ තියෙන පහසු බව.  අනික .මෘදුකාංගය Install කර ගන්න ඔයා හොදම විදියේ පර්ඝණකයක් ඔනි කරන්නේ නැ. සාමාන්‍ය එකක් වුනත් ඇති.  හොදයි මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය මම ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් ඉතින් අපි මේක භාගත කරගෙන ගිණුම Verified කර ගෙනම ඉමුකෝ. ඔයාලත් මම දාලා තියෙන් පිළිවෙළටම වැඩ කරගෙන යන්න. එතකොට හරිම ලේසි. 

වැදගත් :- ගිණුමි විස්තර ආපු අය හා තනවම විවෘත කර ගත්ත අය මෙි ලිපිය අධ්‍යනය කරන්න. මොකද ගිණුමට ලොගින් වෙන්න එහේම අපිට ඒ ගිනුමි විස්තර අවශ්‍ය කරනවා. ඒ් වගේම තමයි  මෙි ලිපියේ දාලා තියෙන අාකාර වලට ගිණුම Verify කර ගත්තට පස්සේ සත්‍ය ගිණුමි වල වැඩ කරන්න අපිට මුදල් තැන්පත් කරන්න වෙනවනේ.  අන්න ඒ් මුදල් තැන්පත් කිරීමි අාදිය පිළිබදව මම ඔයාලට කියලා දෙන්නේ basic සහා Medium level ලිපි අවසානයේ. ඒ්කට හේතුව අපිට මුදල් තැන්පත් කරන්න කලින් පුහුණු ගිණුමි පුරැදු වීම අත්‍යාවශ්‍ය නිසා. හැබැයි හොදින් මතක තියා ගන්න. ගිණුමි විස්තර ලැබිලා අඩුම තරමෙි මාස දෙකක්වත් අැතුලත මුදල් තැන්පත් කරලා සත්‍ය ගිණුමි පටන් ගන්න ඔනි. ඒහේම නැති වුනොත් ඔයාලට විවෘත කරලා දුන්නු සත්‍ය ගිණුම අක්‍රීය වෙලා යයි. මාස දෙකක් කියන්නේ හරියට පුරැදු වෙන අයට පුහුණු ගිණුමි වල පුරැදුවෙන්න හොදටම ප්‍රමාණවත් කාලයක්. ඉතින් ඒක නිසා මෙි කාරණය හොදින් මතක තියාගෙන පුහුණු ගිණුමි වල හොදින් පුහුණු වෙන්න. සත්‍ය ගිණුමි වලට මාස දෙකකින් මුදල් තැන්පත් කරපු ගමන් සත්‍ය ගණුදෙනු කරන්න අවශ්‍ය නැ. ඊට පස්සේ Lakforex සාමාජිකත්වය අරගෙන Advanced Article කියවලා තවත් දැනුම අරගෙන නිසි විදියට සත්‍ය ගණුදෙනු ආරමිභ කරන්න පුලුවන්. ඉතින් මම කලින් කිවිවා වගේ මෙි කාරණය හොදින් මතකයේ තබා ගන්න.

වෙබි අඩවියට ලොගින් වීම

දැන් අපි කලින් වෙබි අඩවියේ ගිණුමක් විවෘත කර ගන්න ඔයා අයදුමි කලාට පසසේ ඔයට ගිණුමි විස්තර ඉමෙල් ලිපිනයට ලැබුනා මතක ඇති. ඒ කියන්නේ lakforex වෙත විස්තර එවා විවෘත කර ගත් අයට ඉමෙල් ලිපිනයට ගිණුමි විස්තර ස්වංක්‍රියව ඇවිල්ලා ඇති. තනිවම විවෘත කර ගත්ත අයට මම ලිපියෙදි කියලා තිබිබා එන ගිණුමි විස්තර මතක ඇති තැනක සේවි කර ගන්න කියලා. දැන් මෙතනිදි අපිට ඔනි වෙන්නේ අන්න ඒ විස්තර තමා. දැන් අපිට ඒවා අවශ්‍ය වෙනවා දැන් අප ගනුදෙනු කරන වෙබි අඩවයේ අපටම වෙන්වු ගිණුමට ඇතුලු වෙන්න. හොදයි දැන් ඔයාලා ඒ විස්තර දාලා වෙබ් අඩවියට ලොගින් වෙන් ඔනි. ඒ කියන්නේ දැන් ඔයා www.nordfx.com  කියන අපේ ගිණුම තියන තැරැවිකාර සමාගමෙි වෙබි සයිටි එකට ගිහිල්ලා එකේ උඩින්ම දකුණු පැත්තේ උඩින්ම තියෙන Log IN කියන එක කිලික් කරාම එන පිටුවෙි account Number කියන එකට ඔයලට කලින් ඉමෙල් ලිපිනයට ලැබුනු ලොගින් විස්තර වල ඇති Account Number කියන එකයි , Password එකට ඒ ලැබුනු ගිණුමි විස්තරවලම ඇති Trader Password කියන එකයි දාලා Login කියන බටන් එක කිලික් කරලා ලොගින් වෙන්න. ඔය මම පහතින් දාලා තියෙන්නේ මෙි මම උඩින් කියපු තැන් දෙකේ පින්තුර දෙකක්. ඒක බලන්න හොයා ගන්න අමාරැනමි. හරි දැන් ඔයා ඉන්නේ ඔයාගේ ගිණුමේ. එකේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. නමුත් දැනට අවශ්‍ය ඒවා විතරක් මම කියන්නමි. ප්‍රශ්ණ තියෙනවනමි අහන්න පුලුවන්. හැම එකක්ම පටලව ගන්න එපා. දාලා තියෙන විිදියට යන්න.



Download Software 

දැන් අපි අනිත් දේවල් කරන්න කලින් මෘදුකාංගය Download කර ගෙන ඉමු. ඒකට ඔයා ඔයාගේ ගිණුමට LOGIN වුනාට පස්සේ හමිබ වෙනවා FOREX කියලා Section එකක්. හොදට බලන්න. වෙන ඒවා එහේම කිලික් කරන්න එපා. දැන් එතනට ගිහිල්ලා ඒක උඩ කිලික් කරාම එන පිටුවෙි Download the platform කියන එක කිලික් කරන්නකෝ

එහේම නැතිනමි OPEN MANAUAL ACCOUNT හරහා අයදුමි කරලා ගිණුමි විස්තර එනකමි Demo පුහුණු වෙන්න අවශ්‍යනමි ඔබට පුලුවන් Nordfx.com වෙබි සයිටි එකට ගිහිල්ලා එකේ යටම තියෙන Trading Platform කියන තැන තියෙන DOWNLOAD MT4 කියන එක කිලික් කරලා මෘදුකාංගය භාගත කර ගන්නත්.
 දැන් ඔයාට පහළ ආකාරයේ තවත් පිටුවක් විවෘත වෙනවා හරියට වැඩේ කලානමි. පහළ දාලා තියෙනවා වගේ පිටුවක් විවෘත වුනාට පස්සේ එකේ තියෙන පළවෙනි එක Download Meta Trader 4 කියන එක කිලික් කලාට පස්සේ ස්වංක්‍රියවම මෘදුකාංගය ඔයාගේ පරිඝණකයට Download වීම ඇරබෙනවා.  ඔය එකේ තියෙන අනිත් ඒවා කිලික් කරන්න එපා. 

දැන් ඉතින්  Download වුනු File එක කිල්ක කරලා ඒක Install කර ගන්න. Install වුනාට පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකුත් පෙන්වයි Nordfx Meta Trader 4 කියලා . ඊට පස්සේ ඒක විවෘත කර ගන්න. දැන් ඔයාට සාමාන්‍ය ආකාරයේ මෘදුකාංගයක් විවෘත වි ඇති ආකාරය දැක ගන්න පුලුවන් වෙයි.  සාමාන්‍යෙයන් පළමු වතාවට මෘදුකාංගය විවෘත කරන විට ඔයාට මෘදුකාංගය තුල Open account කියලා පුරවන්න එකක් එයි. එහේම ආවේ නැත්තං කළබල වෙන්න එපා. දාලා තියෙන විදියට යන්න. මොකද සමහරැ කියලා තියෙන එක නෙවෙයි කරන්නේ. වෙන වෙන එවා කරන්න ගිහිල්ලා හැම දේම අනාගන්නවා.

මුදල් යොදවන්නේ නැතිව Demo (පුහුණු) Account එකක් සාදා ගන්නා ආකාරය 

   

       හොදයි දැන් ඔයා මෘදුකාංගය ඩවුන්ලෝඩි කරගෙන install කර ගත්තනේ. දැන් මුදල් යොදවන්නේ නැතිව Demo account එකක් හදාගෙන Trade කරන්නේ කොහාමද කියලා බලමු. Demo කියන්නේ බොරැ සල්ලි තියෙන පුහුණු ගිණුමි වලට. මෙවා හාදා ගන්න සතපහක් වත් යන්නේ නැ. හැබැයි වලංගු වෙන්නේ සති දෙකයි. මොකද එයාලා මේ ගිණුමි සති දෙකෙන් අත් හිටවනවා. ඊට පස්සේ Real Account වලට යන්න පුලුවන්. තවත් පුහුණු වෙන්න ඔනි කියලා හිතෙන අය ඉන්නවනමි තවත් පුහුණු ගිණුමක් මේ දාලා තියෙන ආකාරයටම හදා ගන්න පුලුවන්.  අත් හිටවනවා කියන්නේ Software එක නෙමෙයි. ඒක ඔනි වෙළාවක වැඩ. අත් හිටවන්නේ Demo Account Saver එකයි. ඒ වගේම තමයි අපි මෙි Download කරගෙන Install කරලා තියෙන මෘදුකාංගය අපි සත්‍ය ගිණුමි වල වැඩ කරන කාලෙදිත් භාවිතා කරන්න පුලුවන්. අයේ අමුතුවෙන් Download කරන්න අවශ්‍ය නැ. හරි දැන් ඔය Demo ගිණුම හදා ගන්න ඒකට කරන්න තියෙන්නේ දැන් ඔයා Download කර ගෙන install කර ගත්තු MT4 Software ඉස්සෙල්ලාම ඩබල් කිලික් කරලා විවෘත කර ගෙන එකේ File කියන menu එක කිලික් කරන්න. මේක තියෙන්නේ මෘදුකාංගයේ Menu එක තුල. ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒක තියන තැන. දැන් මේ මෙනු බාර් එකේම ඔය File කියන එක කිලික් කලාට පස්සේ ලැබෙන List එකේ    " Open an Account " කියන එක කිලික් කරන්න ඔනි අපිට Demo account එකක් හදා ගන්න. 

දැන් මේ Open an Account කියන එක කිලික් කලාට පස්සේ ඔයාට ලැබෙන්නේ පහත ආකාරයේ වින්ඩෝ එකක්. හොදින් බලන්න ඔය උඩින්ම තියෙන Nordgroup Demo කියන එකටද සිලෙක්ටි වෙලා තියෙන්නේ කියලා.  දැන් next Button කිලික් කරන්න. 

දැන් ඔයාට නැවත් විනඩෝ එකක ලැබෙනවා පහත ආකාරයෙන්.  හරියට කර ගෙන යන්න. නැත්තං වැරදෙයි. දැන් පහත ආකාරයෙන් ලැබිලා තියෙන වින්ඩෝවි එකේ ස්වංක්‍රියවම "New Demo account" කියන එක Select වෙලා ඇති. අනිත් ඒවා වැඩක් නැ.  "New Demo account"  කියන එක select වෙලා තිබුනේ නැත්නමි ඒක select කරලා ආයෙත් next Button එක කිලික් කරන්න.

හරි දැන් ඉහත Next Button එක කිලික් කරාට පස්සේ ඔයාට ලැබෙනවා විස්තර පුරවන්න පුලුවන් වින්ඩෝවි එකක්. මෙකේ තමා අපි අපේ විස්තර පුරවන්න ඔනි පුහුණු ගිණුම හදා ගන්න. මම පහළින් දාලා තියෙන විස්තර හොදට බලලා තමන්ගේ විස්තර හරියට පුරව ගන්න. ඒවා ඔක්කෝම හරියට පුරවලා ඉවර වුනාට පස්සේ මෙ අපිට ආපු වින්ඩෝ එකෙත් Next කියන Button එක Active වෙයි. ඊට පස්සේ ඒක කිලික් කරන්න. විස්තර පුර වන්න ඔනි පහත දාලා තියෙන විදියට. 

Name : ඔබගේ නම ඇතුලත් කරන්න. 

Email : ඔබගේ ඉමේල් ලිපිනය

Phone : ඔබගේ දුරකථන අංකය. ඇතුලත් කරන්න ඔනි මේ විදියට - +94777123456 

Account type :  Forex

Deposit : 5000 හෝ 10,000 දා ගන්න.

Leverage : 1:500 දා ගන්න. 

ඊට පස්සේ I agree to subscribe Newsletter කියන එක මාර්ක් කරාට පස්සේ  next Button එක කිලික් කරන්න. දැන් සුළු වෙලාවකින් ඔයාට ලැබෙයි ඔයාගේ පුහුණු ගිනෙුමෙි විස්තර. එකේ තියෙනවා Login, Password කියලා කළුපාටට. අන්න ඒ ටික notepad එකක සේවි කර ගන්න. සමහර අයට මෙහේ විස්තර එන්නේ නැ කියලා ප්‍රශ්ණයකුත් ඇවිල්ලා තියෙනවා. එහේම බැරි වෙලාවත් පුහුණු ගිණුමි විස්තර බලන් හිටියට ආවේ නැත්තං. ආපසු ගිහිල්ලා ඔයාගේ nordfx.com site එකේ ගිණුමට විස්තර දාලා login වෙන්න. ඊට පස්සේ එකේ Trading Platform කියන එකේ තියෙනවා "OPEN MT4 DEMO ACCOUNT " කියලා එකක්. අන්න ඒක කිලික් කරන්න. ඊට පස්සේ එය විස්තර ටිකක් පුරවන්න. එකේ ඔයාගේ නම , කැමති පාස්වර්ඩි එකක් , ඉමේල් ලිපිනය , දුරකථන අංකය දාලා OPEN MT4 DEMO ACCOUNT  කියන එක කිලික් කරන්න. ඊට පස්සේ ඔයාට Login and Password කියන විස්තර ලැබෙයි. ඒ ටිකත් කොහේ හරි ලියලා තියා ගන්න.  දැන් එහේනමි පහත ආකාරයෙන් ආයෙත් එතන ඉදලා හරියට කරන්න ඒ පුහුණු ගිණුමි විස්තර ලැබුනට පස්සේ. 

ඒ විස්තර ආවට පස්සේ ආපසු Mt4 එකේ File කියන menu එකට ගිහිල්ලා " Login to Trade Account " කියන එක කිලික් කරන්න. ඊට පස්සේ එයි පහත ආකාරයේ එකක්. ඊට පස්සේ අපිට ලැබුනු පුහුණු ගිණුමි විස්තර දාන්න. 
දැන් ඉතින් කලින් Demo account එක හාදා ගද්දි ඔයාට ලැබුනු විස්තර මෙතන දාලා මෘදුකාංගයට ලොගින් වෙන්න. විස්තර දානකොට පහත ආකාරයෙන් බලාගෙන දාන්න. 

Login      =     Your Demo Account Number
Password  = Your demo Account password
Saver =      NordGroupInv-Demo

        දැන් හරි. ඔයා දැන් ඉන්නේ පුහුණු ගිණුමේ. දැන් ඉතින් ඊළගට තියෙන ලිපි ඔක්කෝම හොදින් කියවගෙන යන ගමන් පුහුණු වෙන්න. ඔය පැන පැන යන්න එපා. එතකොට මොකවත් බැරි වෙනවා. සමහරැ න්ට මාර හිදිසි සල්ලි හොයන්න. ඉවසිම නැ. උත්සහයෙන් පුහුණු වෙන්නේ නැ. ඒක නිසා ඉස්සෙල්ලා ලිපි සේරම කියවලා හොදින් අවබෝධයට අරගෙන ගනුදෙනු කරන්න ආරමිභ කරන්න. ඔය දැන් මේ Demo Account එකේ විස්තරත් කොහේ හරි ලියලා තියා ගන්න. මේ විස්තර සති දෙකෙන් කල් ඉකුත් වන හින්දා ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ අපි මුලින්ම හාදා ගත්තු Real Account එකේ විස්තර. හොදින් මතක තියා ගන්න. ඒක තමයි ඔයාගේ ඇත්ත ගිණුම. එකේ විස්තර නැති කරගෙන මට එහේම කියන්න එපා. අමාරැ අය පහළින් දාලා තියෙන විඩියෝ එක බලන්න.  

පහළින් මම video එකකුත් දාලා ඇති. අමාරැ අය එක බලන්න.  

ගිණුම Verified කර ගනිමු. 

                  අර මම කලින් කිවිවා මතකද Forex කියන්නේ ලංකාවේ කොටස් වෙළද පොල වගේ ඉතා විශ්වාස වන්න මුදල් ඉපයිමේ ක්‍රමයක් කියලා. මතකයි නේද ? අන්න ඒ හේතුව නිසා මේ ගිණුම ආරමභ කර මුදල් උපයන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ අනන්‍යතාවය සහතික කර ගන්න ඔනි. ඔයා ලංකාවේ කොටස් වෙළද පොල ගණුදෙනු කරන්න ගියත් අනිවාර්යෙන්ම ID card Copy එහේම දෙන්න වෙනවා වගේ තමයි මේ ගිණුමි වලත්. ඒකට ප්‍රධාන හේතුව තමයි Forex කියන්නේ මුදල් ගණුදෙනු වන තැනක් නිසා. ඒ හේතුව මත ඔයා අනිවාර්යෙන්ම මේ ගිණුමි සහතික කර ගන්න වෙනවාමයි. ඒක අමාරැ දෙයක් නෙමෙයි. එයාලා ඉල්ලන විස්තර දුන්නනමි හොදටම ඇති. හැබැයි බොරැ විස්තර දෙන්න බෑ. එහේම වුනොත් පාඩු වෙන්නේ ඔයාටමයි. මොකද සල්ලි මෙහෙට ගෙන්න ගන්න යන කොට ඔයා බොරැ විස්තර දාලා තිබුනොත් එයාලා සල්ලි Transfer කරන්නේ නැති හින්දා. ඔය ඇත්ත විස්තර දැමිමනමි කිසිම කරදරයක් නෑ. හරි අපි දැන් බලමුකෝ කොහෝමද මේක සහතික කර ගන්නේ කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා පහත මම දාලා තියෙන Document. 


01. ජාතික හැදුනුමි පතේ / රියදුරැ බලපත්‍රයේ / විදේශ ගමන් 
බලපත්‍රයේ Scanned Copy එකක් 


මේ එකකින් හරි එකක් තිබුනනමි ඇති. ඉස්සරනමි ජාතික හැදුනුමි පත දාද්දි එක සිංහල පරිවර්ථනය කරලා තමා Upload කරන්න උනේ. නමුත් දැන් එහේම අවශ්‍ය නැ. දැන් ඔයාට පුලුවන් ඔයාගේ ජාතික හැදුනුමි පතේ දෙපැත්තේම පැහැදිලි Scan කොපි දෙකක් කිසිම ප්‍රශ්ණයක් නැතුව Upload කරන්න. එවා Translate කර කර ඉන්න දැන් අවශ්‍ය නැ.  ඉතින් ඔය රියදුරැ බලපත්‍රය /විදේශ ගමන් බලපත්‍රය තියෙන අයට මේවා කරන්න ඔනි නැ. ඔන්න මම පහතින් දාලා තියෙනවා මෙ පිටපත් වල Sample Copy. බලලා ඔයාලත් එ විදියට Scan කර ගන්න. හොදින්  මතක තියා ගන්න Scanned Copy විතරයි. මෙිවා අපි දාන්නේ ඔබගේ නම ආදිය සහතික කර ගැනිම සදහා මිසක් ලිපිනය සහතික කර ගන්න නොවන හින්දා මෙවායේ තියෙන ඇඩ්‍රස් එක Nordfx ගිණුමෙි තිබෙන ඇඩ්‍රස් එකට සාමාන වෙන්න අවශ්‍ය නැ.


Passport Scanned Copy
Driving License Scanned Copy 

02. මාස තුනක් ඇතුලත ඔයා ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු  මොනවා හරි බිලක Scan පිටපතක් -

ඔය Mobile Bill / Light Bill , Credit Card Bill , ඔනි එකක් පුලුවන්. හැබියි ඔයාගේ නමට එන්නත් ඔනි. එහේම එකක් එන්නේ නැතිනමි ඔයාගේ බැංකු පොතේ ලිපිනය තියෙන තැන ඒ විදියටම Scanned කරලත් දාන්න පුලුවන්. එකත් මොයාල පිළිගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ දාන කොපි එකේ තියෙන ලිපිනය අපේ ගිණුමෙ අපි දාලා තියෙන ලිපිනයට සමාන වෙන්න ඔනි. 

Bank Passbook Scanned Copy  

          මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාටම පහසුවෙන් වෙබි අඩවිය හරහාම ගිණුමට ඇතුල් කරන්න පුලුවන්. ඒකට ආපසු ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා ඒකේ Personal Setting Section එකේ තියෙනවා Upload Document කියලා එකක්. අන්න ඒක කිලික් කළාම එනවා Upload කරන්න. අන්න එතන upload කරන Document එකේ නමි  type  එකින් එක Upload කරන්න. ඔයාට මේක සති දෙකක් යන්න කලින් කරන්න වෙනවා. මොකද අපේ Demo Account එක සති දෙකෙන් අවස්න වන හින්දා.  
හරියට වැඩේ කළානමි දින දෙකක් වගේ ඇතුලත් එයාලා මේක Verified කරනවා. ඒක ඔයාට බලාගන්න පුලුවන් ඔය උඩ විඩියෝ එකේ උඩින්ම තියෙන්නේ කොළ පාටට Verified කියලා. අන්න එතන එක් වැටෙනවා වැඩේ හරිනමි. 

Deposit Card එක Verified කර ගනිමු. 

විශේෂ නිවෙිදනයයි - 2017-04-16 වන දින ඔබ විසින් භාවිතා කරන කාඩි පත් verify කර ගැනීම අවශ්‍ය නැත. නමුත් ඔබ භාවිතා කරන කාඩි පත ඔබටම අයිති, ඔබගේම නම සදහන් කාඩි පතක් විය යුතු අතර වෙනත් පාර්ශවයකගේ කාඩි පත් මෙි සදහා භාවිතා කිරීමෙන් වලකින්න. එබැවින් මෙම පහසුකම නිසා අප විසින් මෙහි දැනුවත් කර තිබු කාඩි පත verify කර ගැනීමට අදාල කොටස ඉවත් කරන ලදි. 

HTML Comment Box is loading comments...