මුලින්ම කිව යුතු කාරණයනමි මෙම ලිපිය ලියන්නට මුලිකම කරැණ වුයේ Zulutrade හි ගණුදෙනු කිරිම සමිබන්ධව බොහෝ පිරිසක් විසින් අපගෙන් කරන ලද විමසීමි පිළිබදව සැලකිල්ලට ගෙන එයට යමි පිළිතුරක් ලබා දිමේ අරමුණිනි. මා කිසි විටෙකත් Zulutrade හි ගනුදෙනු කිරීම සමිබන්ධයෙන් ඔබව දැනුවත් කරන්නේ නැත. එයට ප්‍රධාන හේතු ගණනාවක් තිබේ. මුලින්ම දැන ගත යුතු කාරණය වන්නේ Zulutrade යනු අද ඊයේ බිහිවු වෙබි අඩවියක් නොවන බව යන්නයි. එය මීට අවුරැදු 5 කට පමණ පෙර සිටම ක්‍රියාත්මක වන්නා වු ක්‍රමවේදයකි. එමේන්ම අමුතු ක්‍රමවේදයක්ද නොවේ. එසේම සුවිශේෂි වු ක්‍රමවේදයක්ද නොවේ. මෙහි ක්‍රියාත්මක වන්නාවු එකම ක්‍රමවේදය, එක් අයෙකුගේ ගිණුමකට තවත් බොහෝ පිරිසකගේ ගිණුමි සමිබන්ධ කිරීම පමණි. 


Zulutrade හි ක්‍රියාකාරිත්වය හදුනා ගනිමු


ඉහතින් සදහන් කලාක් මෙන් එක් අයෙකුගේ ගිණුමි වලට වෙනත් අයගේ ගිණුමි සමිබන්ධ කිරිම මගින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. ඊට වඩා වෙනසක් මේ තුල නැත. ඔබට ඔවුන් විසින් කොතෙකුත් ගිණුම පාලනය කිරීම සදහා ක්‍රමයන් ලබා දි තිබුනත් ඔබ සමිබන්ධ කර ගත් Signal Provider Loss වුවහොත් ඔබත් ලොස් වෙ. අනෙක් අතට Zulutrade පිළිබදව අතීතය දන්නා කිසිවෙක් හෝ සිටිනමි මෙය තවදුරටත් භාවිතා කරයි යන්න සිතිය නොහැකිය. මීට අවුරැද්දකට පමණ පෙර Zulutrade හි ඉතා විශාල ලෙස ලාභ ඉපයු අංක එකේ මාස ගණනක් සිටි Expert Trader යැයි කියා ගත් පුද්ගලයා අවසානයේ කිසිදු හෝඩුවාවක් නොමැතිව ඔහුව Follow කල $ ලක්ෂ ගණනක ගිණුමි ලොස් තත්වයට පත් කල බව ඔබ දන්නවාද ? මෙම ලිපිය කියවන අ

වුරැද්දකට වැඩි කාලයක් Forex සමග ඔබ සමිබන්ධ වි සිටි අයෙකු නමි ඒ පිළිබදව හොදින් දන්නවා ඇතැයි සිතමි. අනෙක් අතට Zulutrade හි සිග්නල් සපයන්නෙකු ගනුදෙනු වක් විවෘත කර එය ඔබගේ ගිනුමට ක්ෂණිකව ලැබෙන්නේ නැත. ඔහු හා ඔබගේ ගිනුම අතර කාලයේ පරතරයක් ඇති බව ඔබ දන්නවාද ? එය ඇති අවධානම ඔබ දන්නවාද ? 


අනික Forex පිළිබදව දන්නේක් නමි යමි ගුරැවරෙයෙකු හෝ යමෙක් ඔබට Zulutrade අනුමත නොකරනු ඇත. මන්ද තමන්ටවත් තනිවම Forex කර ගන්නට බැරිව  Zulutrade ගැන කියන්නේ තමන්ටවත් හරියට කර ගත් නොහැකි බව හොදාකාරවම පෙන්වමිනි. ඉතින් කල්පනා කර බලන්න තමන්ටවත් හරියට කර ගන්න බැරිව අනුන්ට උපදෙස් දෙන කෙනෙක්ගෙන් මෙ ගැන උපදෙස් ගත්තොත් මොකක් වෙයිද කියලා. ? එනිසා මෙය මුලාවක් බව මතක තබා ගන්න. එසේම මේ ගැන දෙන්නට කියා වටිනා උපදෙස් තිබෙනවා යැයි කීමද 100% මුලාවකි. මෙහි එවැනි ආකාරයේ ඇති දෙයක් නැත. ඔනැම කෙනෙකුට අවශ්‍යනමි ගිණුමක් සාදා කැමැති පුද්ගලයෙක් සමිබන්ධ කර ගත හැකිය. එබවින් වටිනා උපදෙස් ලබා දීම හා එවැනි දැ මේ සමිබන්ධව ප්‍රකාශ කිරීම මුලාවක් බවද මතක තබා ගන්න. 


තවත් ප්‍රධානම කරැණක් ඇත. මා බොහෝ ලිපි වල ලෝකයේ බොහෝ පිරිසක් Forex තම ආදායමි මාර්ගය ලෙස භාවිතා කරන බව දක්වා තිබේ. එය සත්‍යකි. නමුත් Zulutrade හි එම පිරිසෙන් 2% ක්වත් නැති බව ඔබ දන්නවාද ? ඒ පිළිබදව මම ඔබට ප්‍රකාශ කරනාවට වඩා ඔබම සත්‍ය දැකිම වඩාත් යෝග්‍ය වන බව සිතන බැවින් පහත සබැදියට ගොස් එය දැක ගන්නා මෙන් ඉල්ලා සිටිමු. එය හොදින් අධ්‍යනය කර බලන්න. කොචිචර ප්‍රමාණයක් සමිබන්ධ වෙලා ඉන්නවද  ? ඇයි ගොඩක් අය මෙකෙට එන්නේ නැත්තේ ? දක්වලා තියෙන අදහස් ? එ වගේ ඔක්කෝම බලලා පමණක් ලියාපදිංචි වෙන්න. එහේම නැතිව ගිහිල්ලා නැති වෙන්න එපා. 


http://www.zulutrade.com/performance


මෙහි 5000 ගනනක පමණක් Rank අංක එකේ සිටින පුද්ගලයා Follow කරන බව දැන් ඔබටම පෙනෙනු ඇත. එසේම ඔහු පිළිබදව අද දින(2014/06/03) වන විට ඔහුව සමිබන්ධ කර ඇති අනෙකුත් ගිනුමි හිමියන් විසින් කරන ලද අදහස් දැක්වීම වල පළමු පිටුව මෙසේ ඔබට දැක බලා ගැනීම සදහා ඉදිරිපත් කරමි.

අංක එකේ සිටින පුද්ගලයා පිළිබදව එසේනමි අනෙකුත් අය පිළිබදව කුමන කථාද ? මෙන්න මේ හේතු පිළිබදව මා බොහෝ කලක සිට අධ්‍යනය කර ඇති බැවින් ඔබට කිසි විටෙකත් Zulutrade සමිබන්ධ දැනුමක් ලබා දීමට තිරණය නොකරන බව දැනුවත් කරමි. නිතරම ප්‍රකාශ කරන පරිදි “ඔබ ඔබවම විශ්වාස කරන්න. එය තවකෙක් විශ්වාස කරනවාට වඩා ඔබට ප්‍රථිපලයක් ගෙන දේවි“ යන්න සිහි තබා ගන්න. ඔබ ඉතා හොදින් කැපවිමෙන් Forex පිළිබදව අධ්‍යනය කරන්නෙක් නමි වෙන කිසිවෙක් Follow කිරීම අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය, ඔබ ලැබිය යුතු සමිපුර්ණ අධ්‍යාපනය අප වෙබි අඩිවියෙන් මෙ වන විටත් ලබා දි ඇති අතර ඒහා සමිබන්ධ වටිනා සේවා රැසක්ද ඔබට දැන් අවුරැදු 2 ක කාලයක් තිස්සේ නොමිලේම ලබා දේ.


කෙසේ වුවද මෙසේ පැවසු සැනින් විශ්වාස කිරීම ඔබ කළ යුතු නැත. එය ඔබට අයිති රාජකාරියකි. මා කරන්නේ දැනුවත් කිරීම පමණි. සමිබන්ධ වීම හෝ නොවීම ඔබ සතු තිරණයක් වන නිසාත් එසේ වුවද මෙම වෙබි අඩවිය මගින් Zulutrade   මේ සමිබන්ධ කිසිම සේවාවක් ලබා නොදෙන නිසාත් ඒ සමිබන්ධව විමිසීමි නොකරන මේන්ද කරැණාවෙන් ඉල්ලා සිටිමි. මන්ද මා අවධානම දන්නා හෙයින් ඔබව එම අවධානමට තල්ලු කර දැමීමට අවශ්‍ය නැති බැවිනි. මෙම වෙබි අඩවියේ මුලික බලාපොරෙත්තුව කැපවීමක්, ධෛරයක් ඇතිව ඉගෙන ගන්නා හොද දැනුමකින් යුත් forex Trader වරැන් බිහි කර හොදින් ලාභ ගන්න තත්වයට පත් කිරීම විනා මෙවැනි ක්‍රම වේද වලට ගොස් මුදල් නාස්ති කර ගැනීම පිළිබදව උපදෙස් ලබා දීම නොවන බවද තරයේ මතක තබා ගන්න. එය අද වන විට හොදින් මුදල් උපයන, හොදින් අධ්‍යනයන් කල 4000 කට අධික lakforex සාමාජිකයින් සාක්ෂි දරණු ඇත.


Admin

www.lakforex.com

Comment Box is loading comments...